2025 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඓතිහාසික වෙනසක්

  • Home
  • /
  • News
  • /
  • 2025 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඓතිහාසික වෙනසක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ  වර්ධනයක් 2025  ආරම්භයේ   සිට  මේ දක්වා සිදු වී ඇති බව සඳහන් ය. 2025 ආරම්භයේ   සිට මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් 300,000 ඉක්මවා ගොස් ඇති බව සඳහන් ය. ඒ අනුව 2025 පෙබරවාරි 6 වන දින වන විට ජාත්‍යන්තර සංචාරකයින් 300,000 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ළගා වී ඇති බව සඳහන් ය.

එමෙන්ම, 2025 වසරේ ජනවාරි මාසය සංචාරකයින් 252,761 ක් ළගා වෙමින්  ශ්‍රී ලංකා  ඉතිහාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක්  වාර්තා වූ මාසය බව ශ්‍රී ලංකාවේ  සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම දත්ත පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ  සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ජනවාරි මාසයේ රුසියාව, චීනය සහ ජර්මනිය, ඉන්දියාව, බ්‍රිතාන්‍යය යන රටවලින් වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025