ලෝක රාජ්‍ය නායකයන්ගේ සමුළුව අද ආරම්භ වේ.

  • Home
  • /
  • News
  • /
  • ලෝක රාජ්‍ය නායකයන්ගේ සමුළුව අද ආරම්භ වේ.

ලෝක රාජ්‍ය නායකයන්ගේ  සමුළුව අද (11)  දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ.මෙම සමුළුව අද සිට ලබන 13 වනදා දක්වා ඩුබායි හිදී  පැවැත්වීමට නියමිතය.මෙම සමුළුව  සඳහා  ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වී තිබුණි.එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු එරට  රජයේ නියෝජිතයින්  මහත් හරසරින් යුතුව පිළිගෙන ඇති බව වාර්තා වේ.මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා අනෝල්ඩා, ඩුබායි සහ උතුරු එමිරයන් සදහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වී තිබේ.මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික සහ අයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (12) පස්වරුවේ ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025