දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් පාකිස්ථානයට වාර්තාගත ජයක්

  • Home
  • /
  • Sports
  • /
  • දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් පාකිස්ථානයට වාර්තාගත ජයක්

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර  Karachi දී අද (12) රාත්‍රියේ අවසන් වූ එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ තෙවන තරගය ලෙස මෙය පැවැත්විණි.තරඟයේ  පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 352ක් රැස්කර ලකුණු 353ක දැවැන්ත ඉලක්කයක් පාකිස්තානයට ලබා දුන්නේය.කෙසේ නමුත් එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී තරගයේ 49වන පන්දුවාරයේදී සම්පූර්ණ කරගැනීමට ඔවුන්ට හැකිවිය.

පාකිස්තානු ජයග්‍රහණයේ නියමුවන් වූ නායක මොහොමඩ් රිස්වාන් පන්දු 128කට මුහුණදෙමින් නොදැවී ලකුණු 122ක් රැස්කළ අතර, ඔහුට අගනා සහායක් දුන් සල්මාන් අගා පන්දු 103කට මුහුණදෙමින් ලකුණු 134ක් රැස්කළේය.ඉනිමේ තෙවන කඩුල්ල මුලු ලකුණු 91දී  බිඳවැටීමෙන් අනතුරුව එක් වූ ඔවුන් දෙදෙනා 4වන කඩුල්ලට පන්දු 229කට මුහුණදෙමින් ලකුණු 260ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025