Queensland සිටින ඔබට හමු වන සැබෑම ශ්‍රී ලාංකික සහෝදරත්වය

  • Home
  • /
  • Blog
  • /
  • Queensland සිටින ඔබට හමු වන සැබෑම ශ්‍රී ලාංකික සහෝදරත්වය

ආරම්භක සාමාජිකයන් ලෙස, ශ්‍රී ලාංකික සංගම් 6ක් එක්ව 2013 දී “Federation of Sri Lankan Organisations of Queensland (FSOQ) Inc.” පිහිටුවනු ලැබුවා.

Queensland හි වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාව, ඔවුන්ගේ ජාති ආගම් නොසලකා, ඕස්ට්‍රේලියාවේ වෙසෙන සියලු ජනතාව සමග ශ්‍රී ලාංකික ප්‍රජාවේ සහ සංස්කෘතියේ ඉහළ වටිනාකම් හුවමාරු කර ගැනීමට සහ නියෝජනය කිරීමට එක්ව කටයුතු කිරීමේ අරමුණින් මෙම සංවිධානය පිහිටුවා කටයුතු කරගෙන යනවා.

FSOQ හි ඉලක්කය වන්නේ ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික වටිනාකම් වලට ගරු කරමින් Queensland හි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජනතාවට ඉහළ සේවාවන් සැපයීම සඳහා ඒකාබද්ධ ආයතනයක් ලෙස සේවය කිරීම. FSOQ යනු Australian Charities and Not-for-profits Commission විසින් පිළිගත් සංවිධානයක්.

FSOQ දේශීය, ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයන් තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරන අතර ඔවුන්ට අවශ්‍ය අවස්ථා වලදී අනෙකුත් ප්‍රජාවන් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වී කටයුතු කරනවා. ඒ වගේම FSOQ, Queensland හි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය අවස්ථාවල සෘජුවම හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හරහා ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධ වෙලා නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරනවා.

FSOQ විසින්, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ප්‍රධාන සුභසාධන ව්‍යාපෘතිවල නිරත වෙනවා. මෙම සංවිධානය එක්ව කරන ලද ව්‍යාපෘති අතර Medicines for Sri Lanka කැපී පෙනෙනවා. මෙහි පළමු අදියර යටතේ Brisbane ප්‍රජාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ රෝහල් වෙත AUD $34,000 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොග හතරක් ලබා දීමට කටයුතු කළා. ඒ වගේම මෙම සංවිධානය සියලු ශ්‍රී ලාංකිකයන් හා එක්ව Sri Lankan Day, අලුත් අවුරුදු උත්සවය ආදී බොහෝ වැඩසටහන් සංවිධානය කරනවා. 

ඉතින් ඔබත් Queensland වෙත පැමිණි හෝ ඒමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කෙනෙක්නම් ඔබටත් මෙම ශ්‍රී ලාංකික එකමුතුව හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තම මව් රට වෙනුවෙන් කෙරෙන උපකාර හා සත්කාර ව්‍යාපෘති සඳහා දායක වීමටත් අවස්ථාව තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පිටත සිටියත් සැබෑම ශ්‍රී ලාංකිකත්වයක් සහිත සහෝදරයන් පිරිසක් FSOQ සමග එක වන ඔබට මුණ ගැසේවි.

Don't forget to share this post!

Recent Posts

16937252_Michael-Madsen-clean-AP-TN-img
July 4, 2025