නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් 18ක් ජීවිතක්ෂයට

  • Home
  • /
  • News
  • /
  • නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් 18ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ  ඊයේ (16) ඇති වූ හදිසි තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

 

මෙම  තෙරපීමෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව සඳහන් ය. 

ප්‍රයාග්‍රාජ් හී මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ කුඩා ළමයින් 04 දෙනෙකුද ඇතුළත් බව සදහන්වේ.

එසේම මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය ශෝකය පළ කර ඇත.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025