මූනි අධිවේගී මාර්ගය වසා දමයි.

  • Home
  • /
  • News
  • /
  • මූනි අධිවේගී මාර්ගය වසා දමයි.

ප්‍රධාන අධිවේගී මාර්ගය වසා දමා ඇති අතර, ඉන්ධන ටැංකි අනතුරෙන් පසු නිවැසියන්ට ඇතුළත රැඳී සිටින ලෙස අනතුරු අඟවා ඇත.

Queensland’s Western Downs හී  ඉන්ධන ටැංකියක් සහ මෝටර් රථයක් අතර අද අලුයම සිදුවූ අනතුරකින් දැවැන්ත පෙට්‍රල් කාන්දුවක් සිදුවී තිබේ.

මෝටර් රථයක් සහ ඉන්ධන ටැංකියක් ගැටීමෙන් ටැංකිය පෙරළී යාමෙන් පසු අලුයම 4.30 ට පමණ Toowoomba සිට කිලෝමීටර් 118 ක් පමණ දුරින් පිහිටි Kumbarilla හි Moonie අධිවේගී මාර්ගයට පොලිසිය කැඳවනු ලැබීය.

මේ අනතුරින් කිසිදු ජිවිත හානියක් සිදුවී නොමැති අතර පුද්ගලයින් දෙදෙනෙකුට  සුළු තුවාල සිදුවී තිබේ.  එක් පුද්ගලයෙකුගේ හිසට තුවාල සිදුවී ඇති අතර අනෙක් පුද්ගලයාගේ ඇසට තුවාල සිදුවී ඇති බව ක්වීන්ස්ලන්ත ගිලන් රථය තහවුරු කර තිබේ.

මෝටර් රථ සහ ට්‍රක් රථ රියදුරන් Dalbi රෝහලට ගෙන යන ලද අතර, අනතුර හේතුවෙන් “සැලකිය යුතු ප්‍රමාණයක” ඉන්ධන මාර්ගයට කාන්දු වූ අතර පොලිසිය මහජන ආරක්ෂක සංරක්ෂණ පනත යටතේ සිද්ධිය ප්‍රකාශ කර තිබේ. 

මූනි අධිවේගී මාර්ගයේ රථවාහන බාධක  තවත් පැය කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිවැසියන්ට ඇතුළත රැඳී සිටින ලෙසත්, ජනෙල් වසා තබන ලෙසත්, එමෙන්ම රියදුරන්ට සහ මහජනතාවට එම ප්‍රදේශයෙන් වැළකී සිටින ලෙස ඉල්ලා ඇත.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025