බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් – 150 කට තුවාල

  • Home
  • /
  • News
  • /
  • බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් – 150 කට තුවාල

බංග්ලාදේශයේ කුල්නා ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක ඇතිවු ගැටුමකින් සිසුන් 150 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. 

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ කැඳවා ඇති බවද සඳහන් ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

හිටපු අගමැති ෂෙයික් හසීනාගේ ආණ්ඩුව පලවා හැරීමට මුල්වූ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවද වාර්තා වෙයි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025