ඊශ්‍රායලයේ බස් රථ 03ක් පුපුරයි – ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට සැක කරයි.

  • Home
  • /
  • News
  • /
  • ඊශ්‍රායලයේ බස් රථ 03ක් පුපුරයි – ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට සැක කරයි.

ඊශ්‍රායලයේ Tel Aviv අගනුවරට ආසන්න ප්‍රදේශයකදී බස් රථ 3ක් පුපුරා ගොස් ඇති බව වාර්තා වේ. මෙම අනතුර පිළිබඳ ඊශ්‍රායල පොලීසිය ප්‍රකාශ කරනුයේ මෙය ප්‍රහාරයක් බවට සැක කරන බවයි.

එමෙන්ම තවත් බස් රථ දෙකකද පුපුරන ද්‍රව්‍ය සවිකර තිබු අතර ඒවා පුපුරා ගොස් නොමැති බවෙ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති  අතර  පිපුරුමට අදාළ සැකකරුවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකය කොට ඇති බව සඳහන් ය. 

පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සඳහා රටේ සියලුම බස් රථ, දුම්රිය සහ සැහැල්ලු දුම්රිය නවතා දැමීමටයි පියවර ගෙන  ඇති අතර West Bank හි සරණාගත කඳවුරු ආශ්‍රිත හමුදා ක්‍රියාකාරකම්වල “තීව්‍රතාව වැඩි කරන” ලෙස හමුදාවට උපදෙස් ලබාදී ඇති බව ද සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025