යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ධුරය අත්හැරීමේ තීරණයක

  • Home
  • /
  • News
  • /
  • යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ධුරය අත්හැරීමේ තීරණයක

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.

මෙය ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී බව සඳහන් ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී  යුක්‍රේන ජනාධිපතිවරයා ‘ඒකාධිපති පාලකයෙකු ‘ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව ජනධිපති ට්‍රම්ප් තමන් ඒකාධිපතියෙකු යැයි හඟවමින් සිදුකළ ප්‍රකාශයටද සෙලෙන්ස්කි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔහු පවසා ඇත්තේ දශකයක් ජනාධිපති වීම තමන්ගේ සිහිනය නොවන බවයි.

යුක්‍රේනයට සාමය ගෙන එන්නේ නම් තම ධුරයෙන් ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025