ඕස්ට්‍රේලියාවේ තියන ලෝකයේ ලස්සනම දූපත

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ තියන ලෝකයේ ලස්සනම දූපත

ඕස්ට්‍රේලියාවේ තියන ලෝකයේ ලස්සනම දූපත්  ගැන අහලා තියනවද?

ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ දූපත් රටවල් අතර වඩාත්ම සුන්දර දූපත් අත්දැකීම් කිහිපයකට නිවහන ලෙස හඳුනා ගත හැකිය. ලෝකයේ සුන්දරම දූපත් අත්දැකීම් විදගන්න පුළුවන් රටක් ලෙස සහ සංචාරක ආකර්ෂණය දිනාගනු ලැබූ රටක් විදියට එය හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ අතර අද අපි කතා කරන්නේ  ඕස්ට්‍රේලියාවේ තියන ලස්සනම දුපතක් වන රොට්නස්ට් දූපත ගැන

රොට්නස්ට් දූපත

රොට්නස්ට් දූපත කියන්නේ Western Australia පිහිටි සුන්දර දූපතක්. මෙම දූපත රක්ෂිතයක් සහ ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වශයෙන් තමයි හදුන්වන්නේ. මෙම දුපතේ පිහිටීම ගැන කතා කරනකොට මෙම රොට්නස්ට් දූපත, පර්ත් (Perth) නගරයෙන් සැතපුම් 11 (කි.මී. 18) ක් දුරින්, ඉන්දියානු සාගරයේ තමයි පිහිටන්නේ. මෙම දූපතට ගමන් කිරීම සඳහා බෝට්ටු, හෙලිකොප්ටර් සහ පුද්ගලික යාත්‍රා ද මෙම දූපත දැක බලා ගන්න යන අයට භාවිතා කරන්න පුළුවන්.

මෙම දූපත ලෝකප්‍රසිද්ධ වන දේවල් අතර එහි ඇති සුන්දරත්වය මෙන්ම එහි කැපී පෙනෙන තවත් දෙයක් දැක ගන්න පුළුවන්. ඒ තමයි මේ දූපතේ ඉන්න Quokka නම් සතුන්. මේ Quokka කියලා කියන්නේ කුඩා කැංගරූ සතුන් වර්ගයක්, මේ සතුන් මිනිසුන්ට බොහෝ දුරට මිත්‍රශීලී සහ ලොව වැඩියෙන්ම සිනහවෙන සතුන් ලෙසත් මේ සතුන් ලෝකය පුරාම ප්‍රසිද්ධයි.

මේ සුන්දර දූපතේ ඉතිහාසය ගැන කතා කරනකොට දීර්ඝ කාලයක් තිස්සේ ඔස්ට්‍රේලියාවේ දේශීය ජනතාව මෙය භාවිතා කළ බවට සාක්ෂි හඳුනා ගන්න පුළුවන්. 1696 දී ඩච් නාවිකයෙකු වූ William de Vlamingh මෙම දූපත සොයාගෙන, එහි සිටි Quokka සතුන් මූසික වර්ගයක් ලෙස හඳුනාගෙන “Rat’s Nest Island” ලෙස නම්කළ අතර, එය පසුව “Rottnest Island” බවට පත්ව තිබෙනවා.

මේ අරුම පුදුම සුන්දර දූපතේ සංචාරය කිරීමට හොඳම සංචාරක කාලය විදියට සැප්තැම්බර් සිට මැයි දක්වා වන අතර, එවිට වඩාත් නිසංසල සහ වඩාත් සුන්දර අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව උදා වෙනවා.

ඉතින් ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ තියන මේ සුන්දර සංචාරක ස්ථානය පර්ත් නගරයට පැමිණෙන අය සඳහා අත්‍යාවශ්‍ය වශයෙන් දැකබලා ගත යුතු ස්ථානයක් විදියට හදුන්වන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025