14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද

  • Home
  • /
  • News
  • /
  • 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද(5) පෙරවරු 9ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ආරම්භ වේ. 

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු රාජ්‍ය හා පක්ෂ නායකයෝ එම අවස්ථාවට එක් වූහ. සමාරම්භක රැස්වීමේදී චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය.

රාජ්‍ය කාර්ය වාර්තාව අනුව, 2024 වසරේ චීනයේ ආර්ථික ධාරිතාව ස්ථාවර ව ව්‍යාප්ත විය. දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 134.9 දක්වා වැඩි වූ අතර වර්ධන අනුපාතය සියයට 5කි. එම අනුපාතය ලොව ප්‍රධාන ආර්ථිකයන් අතරින් ප්‍රමුඛ ස්ථානයක පසු වේ. චීන ආර්ථික වර්ධනය ගෝලීය ආර්ථික වර්ධනයට දායක වන සියයට 30ක පමණ අනුපාතය අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකිව තිබේ.

එමෙන්ම, 2025 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ 5% ක වර්ධනයක් අපේක්ෂා කරන බව රාජ්‍ය කාර්ය වාර්තාව සඳහන් කරයි. එමෙන්ම නාගරික ප්‍රදේශයේ සමීක්ෂණයට ලක් විරැකියා අනුපාතය 5.5% ක මට්ටමේ පවත්වා ගැනීම, නව නාගරික රැකියා අවස්ථා මිලියන 12කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට අපේක්ෂිත බව ද එහි සඳහන් වේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025