පෙබරවාරියෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ඉහළට

  • Home
  • /
  • News
  • /
  • පෙබරවාරියෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ඉහළට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව 2025 පෙබරවාරි 01වනදා සිට 28 දක්වා කාලය තුළ සංචාරකයන් 240,217 ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණ ඇති පෙබරවාරි මස ලෙස වාර්තා වේ.

මීට පෙර පෙබරවාරි මාසයට අදාල වැඩිම සංචාරක පැමිණිම 2018 වසරේ වාර්තා වූ  අතර එම සංඛ්‍යාව 235,618 කි.

ඒ් අනුව 2025 වසරේ මුල් මාස දෙකෙදීම සංචාරකයන්ගේ පැමිණීමේ වාර්තා අලුත් කර තිබීම මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ දිශාවට අත දිගු කරමින් පවතින බවට නිමිත්තකි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025