යුද අභ්‍යාසය අතරතුර ද කුණු කොරියාවේ ගුවන් හමුදාවට ඉලක්කය වරදී

  • Home
  • /
  • News
  • /
  • යුද අභ්‍යාසය අතරතුර ද කුණු කොරියාවේ ගුවන් හමුදාවට ඉලක්කය වරදී

දකුණු කොරියාවේ යුද අභ්‍යාසයක් අතරතුර දී ප්‍රහාරක ජෙට් යානා දෙකකින් වැරදී සිවිල් වැසියන් සිටි නගරයකට සිදුකළ බෝම්බ බිම හෙළීමක් හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු සහ හමුදා භටයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

ඊයේ (06) දිනයේ සිදු වූ මෙම අනතුරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර පිපිරීම් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි පල්ලියේ ගොඩනැගිල්ලකට සහ නිවාසවලට ද හානි සිදු වී ඇත.

එමෙන්ම සුලු තුවාල සිදු වූ පුද්ගලයින්ට සිටින බව සඳහන් වේ.

ඒකාබද්ධ සජීවී වෙඩි තැබීමේ අභ්‍යාස අතරතුර ගුවන් නියමුවෙකු වැරදි ඛණ්ඩාංකවලට ඇතුළු වීම හේතුවෙන් ජෙට් යානා දෙකකින් කිලෝග්‍රෑම් 225ක් බරැති බෝම්බ අටක් නියමිත පරාසයෙන් පිටත වැටී ඇති බව ආරක්ෂක අංශ පවසා ඇත.

මේ වන විට අභ්‍යාස අත්හිටුවා ඇති නමුත් මාර්තු 10 සිට මාර්තු 20 දක්වා දකුණු කොරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පැවැත්වීමට නියමිත  ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමට එයින් බධාවක් සිදුනොවන බව සඳහන් වන අතර දකුණු කොරියානු ගුවන් හමුදාව පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳව මේ වන විට විමර්ශනය කරමින් සිටින අතර බලපෑමට ලක් වූවන්ට වන්දි ලබා දෙන බවයි.

එමෙන්ම ආරක්ෂ අංශ වැඩිදුරටත් පවසා ඇත්තේ සිදු වූ හානිය සම්බන්ධයෙන් සමාව අයැද සිටි බවය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025