උතුරු මුහුදේ නෞකා දෙකක් ගැටීමෙන් දරුණු අනතුරක්

  • Home
  • /
  • News
  • /
  • උතුරු මුහුදේ නෞකා දෙකක් ගැටීමෙන් දරුණු අනතුරක්

උතුරු මුහුදේ නෞකා දෙකක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුවී ඇතැයි වාර්තා වේ. 

ඉන් එක් නෞකාවක් ගිලී ගොස් ඇති අතර, අනෙක් නෞකාව ගිනිගෙන විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැටුණු එක් නෞකාවක් ජෙට් ඉන්ධන රැගෙන යමින් සිටි අතර අනෙක අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය රැගෙන යන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.

මෙම අනතුරින් කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු අතුරුදන් වී ඇති අතර, ඔහු සෙවීමේ කටයුතු නතර කර ඇති බව, බ්‍රිතාන්‍ය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර තිබේ. 

එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි එක්සත් ජනපදයේ ලියාපදිංචි Stena Immaculate නෞකාව සහ පෘතුගීසි ධජය සහිත Solong නෞකාව මෙලෙස අනතුරට ලක්ව තිබෙන අතර මෙම අනතුරින් පුද්ගලයින් 36 දෙනෙකු බේරාගෙන ඇති අතර, එක් අයෙකු රෝහල් ගතකර තිබේ.

මූලික පරීක්ෂණවලින් හෙලිවී ඇත්තේ, භාණ්ඩ ප්‍රවාහන නෞකාව හදිසියේ පැමිණ තෙල් ප්‍රවාහන නෞකාවේ ගැටී ඇති බවයි.

“Humber” මෝය අසලින් මුහුදට ජෙට් ඉන්ධන කාන්දු වී ඇති බව, මේ වන විට තහවුරු වී ඇති අතර පාරිසරික හානියක් තක්සේරු කරමින් සිටින බව වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025