බංග්ලාදේශයේ ස්ත්‍රී දූෂණය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව එරට සරසවි සිසුන් වීදි බසී.

  • Home
  • /
  • News
  • /
  • බංග්ලාදේශයේ ස්ත්‍රී දූෂණය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව එරට සරසවි සිසුන් වීදි බසී.

බංග්ලාදේශයේ ස්ත්‍රී දූෂණය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව එරට සරසවි සිසුන් වීදි බැස විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දේශන සහ විභාග වර්ජනය කරමින් වීදි බැස සිටි සරසවි සිසු සිසුවියන් එරට ස්ත්‍රී දුෂණය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව යුක්තිය ඉටු කරන ලෙස රජයට බලපෑම් කළ බව ද වාර්තා වේ. 

පසුගිය වසරේ අගෝස්තුවේදී ශෙයික් හසීනාගේ රජයට එරෙහිව සිදු වූ අරගලයෙන් පසු මේ දක්වා කාලය ඇතුළත බංග්ලාදේශයේ ස්ත්‍රී දූෂණ හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බවත්, අට හැවිරිදි දැරියක් ද පසුගියදා දූෂණයට ලක්වූ බවත් වාර්තා වේ. බංග්ලාදේශයේ බටහිර මගුරා දිස්ත්‍රික්කයේදී දරුණු ලෙස දූෂණයට ලක්වී ඇති එම දැරිය ඩකා නුවර හමුදා රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත්, ඊට වගකිව යුත්තන් සොයා මරණ දඬුවම නියම කරන ලෙස මෙහිදී සරසවි සිසුසිසුවියන් අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටි බව ද වාර්තා වේ. 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025