පාකිස්තානයට යන්න එපා ඇමෙරිකාව ජනතාවට කියයි.

  • Home
  • /
  • News
  • /
  • පාකිස්තානයට යන්න එපා ඇමෙරිකාව ජනතාවට කියයි.

ත්‍රස්තවාදය සහ සන්නද්ධ ගැටුම් පාකිස්තානයේ ප්‍රාන්ත කිහිපයක වර්ධනය වීම හේතුවෙන් එරට සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමෙරිකානු රජය සිය පුරවැසියන්ට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව එම උපදෙස් සපයා ඇත්තේ ඉන්දීය – පාකිස්තාන දේශ සීමාවේ සහ Balochistan සහ Khyber Pakhtunkhwa ප්‍රාන්තවල උද්ගත වී ඇති ගැටුම්කාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් බව ද සඳහන් වේ.

 මේ වනවිටත් Balochistanයේ සන්නද්ධ ගැටුම් උග්‍ර වී ඇති බැවින් සංචාරකයන්ට ආරක්ෂාව සම්බන්ධව සැලකිය යුතු අවදානමක් මතු වී ඇතැයි ද, අඛණ්ඩව සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ හමුදා ගැටුම් බහුලව පවතින එවැනි ප්‍රාන්තවල සංචාරය කිරිම පිළිබඳ නැවත සලකා බලන ලෙසත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට නිකුත් කළ උපදේශමාලාවේ සඳහන් වන බව වාර්තා වේ. එවැනි අධි අවදානම් ප්‍රාන්තවල සංචාරය කිරීමේදී ආරක්ෂාව සහතික කළ නොහැකි බවත් එහි සඳහන් වේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025