වොම්බැට් පැටියා උදුරා ගත් ඇමරිකානු කතට දැඩි විරෝධය

  • Home
  • /
  • News
  • /
  • වොම්බැට් පැටියා උදුරා ගත් ඇමරිකානු කතට දැඩි විරෝධය

ඕස්ට්‍රේලියාවට ආවේණික සත්ත්ව විශේෂයක් වන වොම්බැට් පැටවෙකු, මවගෙන් උදුරා ගත් ඇමරිකානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියකට එරෙහිව ඕස්ට්‍රේලියාව පුරා දැවැන්ත විරෝධතාවක් ගොඩනැගී තිබේ.

වොම්බැට් මව දුක්බරව පසුපස පන්නාගෙන පැමිණෙමින් සිටියදීත්, අදාළ කාන්තාව වොම්බැට් පැටවා උදුරාගෙන පැමිණ ඇත.

මෙලෙස සිදුකර ඇත්තේ Samantha Strable නමින් හඳුන්වන Sam Jones නම් ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සිටින ඇමෙරිකානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියක්ය.

ඇය වොම්බැට් පැටවා උදුරාගන්නා අයුරු දැක්වෙන වීඩියෝව ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා මුදාහැරීමත් සමග ඇයට එරෙහිව ඕස්ට්‍රේලියාව පුරා දැවැන්ත විරෝධතාවක් ගොඩනැගී තිබේ.

මෙම කාන්තාවගේ ක්‍රියාව ඕස්ට්‍රේලියානු රජය දැඩිලෙස විවේචනය කර තිබේ.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් දැඩි කෝපයෙන් හෙළාදැක ඇති අතර, 

එරට ස්වදේශ කටයුතු අමාත්‍යවර පවසා ඇත්තේ තම අමාත්‍යාංශයට Sam Jonesගේ  වීසා බලපත්‍රය අවලංගු කළ හැකිද යන්න සොයාබලමින් සිටින බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු විපක්ෂ නායකවරයා එය කුරිරු ක්‍රියාවක් ලෙස හුවා දක්වා ඇති අතර, ඇයව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලා 30,000කට වැඩි පිරිසක් ඔන්ලයින් පෙත්සමකට අත්සන් තබා තිබේ.

කෙසේ නමුත් ඒ අතරවාරයේ අදාළ කාන්තාව සිය කැමැත්තෙන්ම ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇතැයි ද වාර්තා වේ.

 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025