ප්‍රබලයින් දෙදෙනෙක් අතර තීරණාත්මක සාකච්ඡාවක්

  • Home
  • /
  • News
  • /
  • ප්‍රබලයින් දෙදෙනෙක් අතර තීරණාත්මක සාකච්ඡාවක්

යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී, අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර යුක්‍රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

අද දිනයේ ව්ලැද්මීර් පුටින් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා රුසියානු – යුක්‍රේන සාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025