රටවල් රැසක සහභාගීත්වයෙන් පැවැත්වෙන ලොව විශාලතම සහ පැරණිතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන World Expo ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ සංචාරක, සංස්කෘතික, දේශීය වෛද්‍ය, තේ, ඇඟලුම් ඇතුළු ක්ෂේත්‍රවල අනන්‍යතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. නව ආයෝජන අවස්ථා සහිත කලාපයක් ලෙසත් ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙසත් ශ්‍රී ලංකාව ඉස්මතු කිරීම සඳහා ප්‍රමුඛ රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශවකරුවන් කිහිපයක් මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.World Expo හි පරමාර්ථය වන්න සියලු විෂය ක්ෂේත්‍රයන් සහ තාක්ෂණය පිළිබඳ දැනුම ලොව අන් රටවල් සමඟ හුවමාරු කර ගැනීම සහ යම් රටක ආර්ථික, සංස්කෘතිය සහ විද්‍යාත්මක ජයග්‍රහණ ප්‍රදර්ශනය කිරීම තුළින් තම රටෙහි ප්‍රතිරූපය නංවාලීමයි.අප්‍රේල් 13 සිට ඔක්තෝම්බර් 13 දක්වා ජපානයේ ඔසාකා හී දී පැවැත්වෙන World Expo 2025 ප්‍රදර්ශනය, “අපගේ ජීවිත සඳහා අනාගත සමාජය සැලසුම් කිරීම” (“Designing Future for Our Lives”) යන තේමාව යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන මෙන් ජපාන රජය ශ්‍රී ලංකාවට කළ ඇරයුම අනුව ශ්‍රී ලංකාව ප්‍රදර්ශනයට එක්ව සිටිනවා. මිලියන 28කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.