ජෝ බයිඩන්ට පිළිකා රෝගී තත්ත්වයක්

  • Home
  • /
  • News
  • /
  • ජෝ බයිඩන්ට පිළිකා රෝගී තත්ත්වයක්

අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි. ඔහුගේ කාර්යාලයෙන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වී ඇත්තේ බයිඩන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බවය. එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි. 82 හැවිරිදි බයිඩන්, පසුගිය ජනවාරි මාසයේදී ධුරයෙන් ඉවත් වූ අතර රෝගී තත්ත්වයක් පසුගිය දින කිහිපයේ ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වී ඇත. එහිදී ඔහුට පිළිකාවක් ඇති බව හඳුනාගෙන ඇති බව සඳහන් වේ. එමෙන්ම වෛද්‍යවරු පෙන්වා දී ඇත්තේ ඔහුගේ පිළිකාව වඩාත් ඉතාමත් ආක්‍රමණශීලී ආකාරයෙන් පැතිරි ඇත අතර එය ඉතා ඉහළ මට්ටමක තිබෙන බවය.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ පිරිස විසින් බයිඩන්ව අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් රෝගී තත්ත්වය කළමනාකරණය කළ හැකි බවත් ඔහුගේ කාර්යාලය තවදුරටත් පවසා ඇත.

 

 

Image credit goes to by : https://commons.wikimedia.org/

Don't forget to share this post!

Recent Posts

569
November 8, 2025