ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය පදනම් අංක 25කින් අඩු කර 7.75%ක් ලෙස නියම කර තිබේ.
දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව සඳහන් කරයි.
මැදි කාලීනව උද්ධමනය 5%ක පමණ ඉලක්ක මට්ටමට ස්ථායීව ළඟා වීමක් සහතික කරගැනීම සහ ජාතික ආර්ථිකය සිය උපරිම ධාරිතාව මට්ටම වෙත යාමට අවශ්‍ය සහාය සැලසීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Image credit goes to by : https://www.ft.lk/