ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය දැඩි ගංවතුර තත්ත්වයකට මුහුණ දී තිබෙන අතර මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බව වාර්තා කරයි.
එක් කාන්තාවකගේ මෝටර් රථය ගංවතුරට ගොදුරීමත්, තවත් පුද්ගලයෙකු ගංවතුර අතරින් නිවසට පැමිණෙද්දී අතුරුදන් වීමත් වාර්තා වේ.
පවතින තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 50,000කට අධික පිරිසක්ට බලපෑම් එල්ල වී ඇති අතර, විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා හදිසි සහන සේවකයින් 2,000කට වැඩි පිරිසක් මෙහෙයවමින් සිටී.
ඇතැමුන් වහලවල සිරවී සිටින අතර, හෙලිකොප්ටර් ඔස්සේ පුද්ගලයන් 22 දෙනෙකු පමණ මේ වනවිට බේරා ගෙන තිබේ.
මෙම විපත හේතුවෙන් පාසල් 100කට අධික ප්‍රමාණයක් වසා දමා ඇති අතර, දස දහස් ගණනක නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට විදුලි සැපයුම අහිමි වී ඇත.
බලධාරීන් සඳහන් කර ඇත්තේ ඉදිරි දිනවල තවත් තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. එමෙන්ම, ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉක්මනින් ගමන්කරන්නැයි ද බලධාරීන් දැඩිව ප්‍රකාශ කරයි.