මත්තල සජිවී කිරීමට නව සැලසුමක්

  • Home
  • /
  • News
  • /
  • මත්තල සජිවී කිරීමට නව සැලසුමක්

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සම්බන්ධයෙන් රජය යළිත් විශේෂ ආකර්ෂණයක් ඇති කිරීමට සැලසුම් කරමින්, සෘජු සහ වක්‍ර ගුවන් සේවා ආශ්‍රිත ව්‍යාපාර පිහිටුවීමට සහ ගුවන්තොටුපළ කළමනාකරණය සඳහා නව ආයෝජකයන්ට අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

මෙය, පසුගිය කාලයේදී ඉන්දියාවේ ෂෞර්යා ඒරොනොටික්ස් ලිමිටඩ් සහ රුසියාවේ කලාපීය ගුවන්තොටුපළ කළමනාකරණ සමාගමක් ඒකාබද්ධව වසර 30 ක කළමනාකරණ ගිවිසුමකට එළඹීමට ගත් තීරණය අත්හැර දමා ඇති පසුබිමකයි.

කෙසේවෙතත්, රජය පවසන්නේ මත්තල ගුවන්තොටුපළ සඳහා ආයෝජන කිරීමට උනන්දුවක් ඇති ආයෝජකයන්ගෙන් යෝජනා භාරගැනීමට තමන් සූදානමින් සිටින බවත්, කලින් ඉදිරිපත් කළ ඉන්දිය-රුසියා ඒකාබද්ධ යෝජනාවද නැවත සළකා බැලිය හැකි බවත්ය.

නව වැඩපිළිවෙළ අනුව, මත්තල ගුවන්තොටුපළ සම්බන්ධ ආයෝජන ආවරණය වන අංශ 07ක් යටතේ ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙය වසර 30ක කාලසීමාවක් තුළ තිරණය කළ කළමනාකරණයේ අලුත් පරිවර්තනයක් වනු ඇත.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025