ඉන්දියාව, ජාත්‍යන්තර ආර්ථික භූමිකා ව්‍යුහය තුළ නව මට්ටමකට නැගී සිටී. අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.187ක දළ දේශීය නිෂ්පාදනයක් (GDP) සමඟ, දැන් ලොව සිව්වැනි ස්ථානයට පත්ව ඇත. — ජපානය පස්වන ස්ථානයට.
මෙම තොරතුර සනාථ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිකුත් කළ නවතම දත්ත මතය. ඒ අනුව, ලොව ආර්ථික වශයෙන් ප්‍රබලම රටවල් පහ ලෙස හැඳින්වෙන්නේ:
අමෙරිකාව – $30.51 ට්‍රිලියන
චීනය – $19.23 ට්‍රිලියන
ජර්මනිය – $4.74 ට්‍රිලියන
ඉන්දියාව – $4.187 ට්‍රිලියන
ජපානය – $4.186 ට්‍රිලියන
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, “2047 විකසිත භාරතය” යන මාතෘකාව යටතේ පැවති උත්සවයකදී පවසා සිටියේ, “ඉන්දියාව දැන් සිටින්නේ හැරවුම් ලක්ෂයක. මම මේ කතා කරන අවස්ථාව වනවිටත් අපි ලොව සිවු වැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියනවා. අපිට අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4ක ආර්ථිකයක් තිබෙනවා. මේ මාගේ දත්ත නොවෙයි. මුල්‍ය අරමුදල ලබාදුන් දත්තයි. අද ඉන්දියාවේ ආර්ථිකය ජපානයට වඩා විශාලයි. ඊට මුලින් සිටින්නේ අමෙරිකාව, චීනය සහ ජර්මනියයි. ඒ වගේම අපේ සැලසුම් අපි ක්‍රියාත්මක කළහොත් තව අවුරුදු දෙක හමාරක්, තුනක් වගේ ගත වනවිට අපිට ලොව තුන්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්විය හැකියි.”
අද වනවිට ආසියාවේ තරඟකාරී ආර්ථික ව්‍යාපෘතිවල ඉහළ පෙළේ නියැලෙන ඉන්දියාව, තාක්ෂණ, කාර්මික, සේවා හා වාණිජ ක්ෂේත්‍රවල දැඩි වර්ධනයක් සිදුකරමින් ගෝලීය වාණිජ ව්‍යුහයක නව හැඩයක් ගෙනෙමින් සිටී.ජපානය සමඟ සැලසුම් කළ අනාගතය පිළිබඳ දැක්මද, දැන් ඉන්දියාවට අලුත් ආර්ථික දොරටුවක් විවර කර තිබේ.