කොවිඩ් වෛරසය යළි හිස ඔසවයි.

  • Home
  • /
  • News
  • /
  • කොවිඩ් වෛරසය යළි හිස ඔසවයි.

ලෝකය පුරා නැවත වරක් ව්‍යාප්ත වන නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී ඇති අතර, එය ශ්‍රී ලංකාව තුළ ද විශේෂ අවධානයට ලක්ව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකදි පැවැසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ, මෙරට තුළ ව්‍යාප්තියක් වාර්තා වී නැතිවීම සැලැකිල්ලට ගත යුතු දේවල් අතර වුවද, ගුවන්තොටුපොළ මට්ටමින් නිරීක්ෂණ කටයුතු දැඩිව සිදු කරන බවයි.

සිංගප්පූරුව සහ ඉන්දියාව ඇතුළුව තවත් රටවල් කිහිපයක දී මෙම නව වෛරස භීෂණය වාර්තා වී ඇති අතර, ඉන්දියාවේ පමණක් රෝගීන් 1,009ක් වාර්තා වී, එයින් පුද්ගලයින් හතරක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔහු පෙන්වා දුනි.

“අපි තවමත් පසුගිය ව්‍යාප්තියේ වාගේ අවදානමකට මුහුණ දීලා නැහැ. නමුත් එය අවම කර ගැනීම සඳහා අපි තීව්‍ර අධීක්ෂණයක් කරමින් ඉන්නවා,” යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025