Albanese-Trump සාකච්ඡා අවලංගුයි.

  • Home
  • /
  • News
  • /
  • Albanese-Trump සාකච්ඡා අවලංගුයි.

අගමැති Anthony Albanese හා ඇමරිකානු ජනපති Donald Trump අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් සැලසුම් කර තිබූ නමුත් එය හදිස්සියේම අවලංගු කෙරුණි. එමෙන්ම අගමැතිවරයා G7 නායකයින්ගේ රාත්‍රී බෝජන සංග්‍රහයට ආරාධනා නොලැබීමත් නිසා මෙම අවස්ථාව තවදුරටත් ගිලිහී යනු ඇත.

මැද පෙරදිග වැඩිවන යුධ උණුසුම හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප්, කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවෙන් කලින් පිටව යන බව ධවල මන්දිරය නිවේදනය කර ඇත. අගමැතිවරයාගේ ද්විපාර්ශ්වික හමුව මෙරට වේලාවෙන් අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබුණද, ජනාධිපති ට්‍රම්ප් සඳුදා රාත්‍රියේ පිටත්ව යාමට නියමිතය.

එක්සත් ජනපද ජනාධිපතිවරයා G7 රාජ්‍ය නායකයින්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වීමට නියමිත නමුත්, අගමැතිවරයා ඒත් සමගම වෙනත් උත්සවයකට සහභාගී වන බව මාධ්‍ය වාර්තා කර තිබුණි. රාජ්‍ය නායකයින්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේ ආරාධිත නම් ලැයිස්තුවේ ඇල්බනීස් මහතා නොමැති අතර, ඒ අනුව නායකයින් දෙදෙනාට හමුවීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

 

Image Credit goes to by : https://www.abc.net.au/news/2024-11-15/looming-trump-presidency-adds-to-albaneses-challenges/104603262

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025