එයාර් ඉන්දියා ගුවන් ගමන් 15%කින් අඩු වෙයි.

  • Home
  • /
  • News
  • /
  • එයාර් ඉන්දියා ගුවන් ගමන් 15%කින් අඩු වෙයි.

එයාර් ඉන්දියා ගුවන් සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ, එළඹෙන සති කිහිපය තුළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම්වලදී පුළුල් බඳ සහිත ගුවන් යානා භාවිතය සියයට 15කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

මෙම අඩුවීම අඩුම වශයෙන් ජූලි මාසයේ මැද භාගය තෙක් ක්‍රියාත්මක වනු ඇතැයි ද එම නිවේදනයෙන් පැහැදිලි කර තිබේ.

සමාගම වැඩිදුරටත් සඳහන් කරනුයේ, බෝයිං 787-8 සහ 787-9 වර්ගයේ ගුවන් යානා 33න් 26ක් දැනටමත් පරීක්ෂා කර අවසන් වී ඇති අතර, ඒවා සේවාව සඳහා අවසර ලබා ඇති බවයි.

මීළඟ දිනවලදී ඉතිරි ගුවන් යානාද පරීක්ෂා කිරීමට නියමිතව ඇති අතර, බෝයිං 777 යානා සඳහා අමතර පරීක්ෂණ ක්‍රියාමාර්ග ද සැලසුම් කර ඇති බව එයාර් ඉන්දියා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, පුද්ගලයින් 241 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ, සහ ලොව මාරාන්තිකතම ගුවන් අනතුරක් ලෙස සන්කීර්ණව සලකා බැලෙන AI171 ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් පවතින විමර්ශනයක් බලධාරීන් විසින් තවදුරටත් සිදුකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

Image Credit goes to by : https://english.metrovaartha.com/news/national/delhi-bound-air-india-flight-returns-to-hong-kong-after-pilot-suspects-technical-issue-after-takeoff

Don't forget to share this post!

Recent Posts

499
October 16, 2025