Australian Capital Territory (ACT), රට තුළ වඩාත්ම වැදගත් නගරවලින් එකක් වන Canberra හි නිවහන වෙනවා. ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා හි, රටේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනික හා සංස්කෘතික ආයතන කිහිපයක් ම පිහිට තිබෙනවා.
මෙහි ජීවත් වීමට වඩාත් සුදුසු පරිසරයක් ඇති බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඒ වගේම මෙම ප්‍රදේශයේ පිහිටීම වෙනස්ම අත්දැකීමක් ලබා දෙනවා. ජාතික වනෝද්‍යාන මෙන්ම, ශීත ඍතුවේ දී ඕස්ට්‍රේලියාවේ විශාලතම හිම බිම් වෙත ළඟා වෙන්නත් ගිම්හාන කාලයේ දී නිව් සවුත් වේල්ස් දකුණු වෙරළ තීරයේ පිරිසිදු වෙරළ තීරයන් වෙත පහසුවෙන් ප්‍රවේශ වෙන්නත් මෙහි සිටින ඔබට පුළුවන්.
ඕස්ට්‍රේලියාවේ ඉහළම රැකියා අනුපාතය (highest employment rate) සහ දළ වශයෙන් ඉහළම ආදායමක් (highest average income) සහිත රැකියා තිබෙන්නේත් ACT එහෙමත් නැත්නම් Capital Territory වල තමයි. ඉතින් ඔයා කරන්න හිතාගෙන ඉන්නේ අර්ධකාලීන රැකියාවක් වුවත් පූර්ණ කාලීන රැකියාවක් වුවත් ඔයාට ඒ සඳහා හොඳ අවස්ථා සොයා ගන්න පුළුවන්.
ACT හි පදිංචිකරුවන්ගෙන් 25% කට වඩා විදේශයන්හි උපත ලැබූ අය වන අතර, රටවල් 100 කට වැඩි ගණනක සිට පැමිණි ජාත්‍යන්තර සිසුන් 15,000 ක් පමණ ඊට ඇතුළත්. ඒ වගේම 60% කට වඩා වැඩි ප්‍රමාණයක් විවෘත අවකාශය සහ ස්වභාවික රක්ෂිත වෙනවා. සොබාදහමෙන් වටවී ඇති නිසා එය ජීවත් වීමට වඩාත් හොඳ පරිසරයක් නිර්මාණය කරනවා.
ACT යනු රටේ හොඳම විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන කිහිපයකටම නිවහන වන අතර, මේවා බොහොමයක් ඕස්ට්‍රේලියාවේ හොඳම අධ්‍යාපන ආයතන 10 අතර වගේම ලෝකයේ හොඳම 100 අතරටත් ඇතුළත් වෙනවා. ඒවා අතර;
- Australian National University
- University of Canberra
- Canberra Institute of Technology
- UNSW, Canberra campus
- Australian Catholic University, Canberra campus
- Charles Sturt University, Canberra campus ආදිය ප්‍රධානවම දැක්විය හැකියි.
Canberra නගරය අධ්‍යාපනයේ නගරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කැන්බරා ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් bachelor’s degree එකක් හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති අය වෙනවා. සම්මානලාභී කලාකරුවන්, පර්යේෂකයින්, ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් සහ නොබෙල් ත්‍යාගලාභීන් වැනි විශිෂ්ඨයින් යටතේ ඔබට අධ්‍යාපනය හැදෑරිය හැකියි.
උපාධිධාරීන් විවිධ අංශ ගණනාවක් යටතේ ශක්තිමත් රැකියා අවස්ථා භුක්ති විඳින අතර, ප්‍රමුඛ පෙලේ රාජ්‍ය හා පුද්ගලික ආයතන internships සහ සේවා පළපුරුද්ද ලබා ගැනීමට වටිනා අවස්ථා ලබා දෙයි.
ACT හි පුළුල් රැකියා අවස්ථා සහිත ක්ෂේත්‍ර ලෙස,
- Renewable energy
- Innovation
- Space science
- Information technology and cyber security
- Agricultural technology and environmental sciences
- Defence ආදිය ප්‍රමුඛ වෙනවා.
ACT යනු වඩාත් තිරසාර සංවර්ධනයක් අත්පත් කරගත් ප්‍රදේශයක් ලෙසද හැඳින්විය හැකියි.
Canberra
කැන්බරා යනු ලෝකයේ ජීවත්වීමට සුදුසුම නගරවලින් එකක්. නගරය තුළ ඉහළ ප්‍රමිතියකින් යුත් ආරක්‍ෂිත සහ පිරිසිදු ශිෂ්‍ය නවාතැන් පහසුකම් ලබා ගත හැකියි.
නගරය තුළ ගමනාගමනය සඳහා සියලුම සිසුන්ට බස් සහ සැහැල්ලු දුම්රිය ජාල සඳහා වට්ටම් ලැබෙන අතර නගරය තුළ බයිසිකල් පැදීම සඳහා ද මාර්ග ගොඩනගා තිබෙනවා. එය ඉතා ලාභදායී සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රවාහන ක්‍රමයක්.
කැන්බරා හි 460,000 කට වඩා වැඩි ජන ගහණයක් ජීවත් වෙනවා. මෙම නගරය තුළ බොහෝ විට අන්තර්ජාතික මට්ටමේ ප්‍රසංග, ප්‍රදර්ශන, උත්සව සහ ක්‍රීඩා ඉසව් පවත්වන අතර ඕස්ට්‍රේලියාවේ අගනුවර ලෙස මෙය අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ගැලරි සහ කෞතුකාගාර රාශියකට ද නිවහන වනවා. ඒ වගේම අලංකාර අවන්හල් සහ තවත් බොහෝ ලාභදායී ආහාර වර්ග රසවිඳිය හැකියි. එමෙන්ම ඔබට පහසුවෙන් Student deals සහ discounts ද සොයාගනන පුළුවන්.
ඉතින් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන දෙස් විදෙස් සිටින සියලු දෙනාට Canberra කියන්නේ හොඳම නවාතැනක්.