හදිස්සියේ ඉහළ ගිය ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම

  • Home
  • /
  • News
  • /
  • හදිස්සියේ ඉහළ ගිය ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම

මෙ වසරේ මැයි මස අවසානය දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් ඉක්මවා ඇතැයි වාර්තා වේ. මෙයට මුල්වූයේ මැයි මාසයේදී සංචාරකයින්ගෙන් ලැබුණු ඩොලර් මිලියන 164ක ආදායමයි.

එසේම, විදේශ රැකියා නියුක්තිකයන්ගේ මුදල් යැවීම්වල වර්ධනයක්ද මෙහි දැක්වේ. මහ බැංකුවේ වාර්තාවක දැක්වෙන්නේ 2025 මැයි දක්වා වූ සමයේදී විදේශීය ප්‍රේෂණ ලැබීම් 17.9%කින් ඉහළ ගොස්, ඩොලර් බිලියන 3.1ක් දක්වා පවතින බවයි.මෙම අතරේ, චීන මහජන බැංකුව සමඟ ඇති විදේශ විනිමය හුවමාරු පහසුකමත් සමග ශ්‍රී ලංකාවේ දළ නිල විනිමය සංචිතය පසුගිය අප්‍රේල් මාසයේ මට්ටමට සමානව, ඩොලර් බිලියන 6.3ක් ලෙස පවතින බවද සදහන් වේ. කෙසේවෙතත්, පසුගිය මාසය අවසානය වනවිට ශ්‍රී ලංකා රුපියල 2.5%කින් අවප්‍රමාණ වී තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025