ළමුන් රැසක් බිලි ගත් ටෙක්සාස් ගං වතුර

  • Home
  • /
  • News
  • /
  • ළමුන් රැසක් බිලි ගත් ටෙක්සාස් ගං වතුර

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ දැඩි ගංවතුර තත්වයන් හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 81ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මියගිය අය අතරින් ළමුන් 28 දෙනෙකු සිටින බවද සදහන් වන අතර, තවමත් පුද්ගලයින් 41 දෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වේ. විශේෂයෙන්, මෙම මරණ බහුතරය සිදුවූයේ කර් ප්‍රාන්තයේ පිහිටි ක්‍රිස්තියානි ගැහැණු ළමයින්ගේ කඳවුරක් ජලයෙන් යටවීම හේතුවෙනි. තවද ළමයින් දස දෙනෙකු සහ උපදේශකයෙකු මෙතෙක් සොයා ගැනීමට නොහැකිව ඇති බව ද වාර්තා වෙයි. ඉදිරි දින 1–2 තුළ තවත් කුණාටු සහ තද වැසි ඇතිවිය හැකි අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් වඩාත් කටුක වී ඇති බවත් වාර්තා වේ. ප්‍රදේශය තුළ මඩ සහ විෂ සර්පයන්ගේ ව්‍යාප්තිය නිසා ගැලවීම් කණ්ඩායම් දැඩි අභියෝගයන්ට මුහුණ දී සිටී.

 

Image Credit goes to by : https://metro.co.uk/

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025