නගරයෙන් පිටත සිටින ඔබේ රැකියා ප්‍රශ්නයට විසඳුම මෙන්න

  • Home
  • /
  • Blog
  • /
  • නගරයෙන් පිටත සිටින ඔබේ රැකියා ප්‍රශ්නයට විසඳුම මෙන්න

Jobs and Skills Australia (JSA) විසින් Jobs and Skills Roadmap for Regional Australia (Roadmap) හි පළමු අදියර නිකුත් කර ඇති අතර, එය කලාපීය ඕස්ට්‍රේලියාවේ ශක්තිමත්, වඩාත් ප්‍රතිචාරාත්මක රැකියා අවස්ථාවන් වගේම අධ්‍යාපනය සහ පුහුණු අවස්ථා සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනවා.

මේ කලාපීය ඕස්ට්‍රේලියාව එහෙමත් නැත්නම් Regional Australia ලෙස මෙම Roadmap එකේ දක්වා ඇත්තේ, Sydney, Melbourne, Brisbane, Adelaide, Perth සහ Australian Capital Territory (ACT) යන ප්‍රධාන නගර හැර ඕස්ට්‍රේලියාවේ අනෙකුත් සියලුම කලාපයි.

මෙම දිගුකාලීන උපායමාර්ගික රාමුව ජනතාවට වගේම ප්‍රතිපත්ති සම්පාදකයින්ට, දේශීය අවශ්‍යතා වඩා හොඳින් සපුරාලන පරිසරයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දෙයි. එයට ප්‍රධාන vision principles 5 ක්, policy design principles 10 ක්, evaluation metrics 19 ක් ඇතුළත් අතර අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා උදව් වන ලෙස අනාගතයේදී නැගී එන ක්ෂේත්‍ර මොනවාද යන්න හඳුනා ගනියි.

මෙම පළමු අදියර වාර්තාවෙන් පෙන්වන ආකාරයට කලාපීය ඕස්ට්‍රේලියාවේ රැකියා තෘප්තිය ඉහළ යමින් පවතින අතර, සේවකයින්ගෙන් 39% ක් පමණ, මේ වන විටත් ඔවුන් සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්වන බව දක්වා තිබුණා.

ඒ සමඟම, කලාපීය විරැකියාව අඩු මට්ටමක පවතින අතර, 2025 අප්‍රේල් මාසයේදී විරැකියා අනුපාතය 4% ක් ලෙස තමයි දැක්වුණේ. වයස අවුරුදු 25 සිට 54 දක්වා පුද්ගලයින් අතර රැකියා නියුක්තිය වාර්තාගත ඉහළම අගයක් වන 85.4% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා රැකියා ලබා ගැනීමේ පහසුව, ජනගහන වර්ධනය සහ සේවා ස්ථාන වඩාත් නම්‍යශීලී වීම හේතු වී ඇත.

නමුත් සියලුම දර්ශක ධනාත්මක නොවේ. මෙම කලාපවල තරුණයින් හය දෙනෙකුගෙන් එක් අයෙකු පමණ රැකියාවක්, අධ්‍යාපනයක් හෝ පුහුණුවක් නොලබන අතර, මේ සඳහා ඔවුන්ගේ සහභාගීත්වය අවහිර කරන සහ සංකීර්ණ කරන බාධක පෙන්නුම් කරයි. අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් 10% ක් පමණ තවමත් හිස්ව ඇති අතර රැකියා වලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් අඛණ්ඩ බඳවා ගැනීම් වල නිරත වේ. මේ පීඩනය යටතේ සේවා යෝජකයින් ද අභියෝගවලට මුහුණ දෙමින් සිටියි.

මෙම Roadmap එක පෙන්වන ආකාරයට කලාපීයව ජීවත් වෙන ජනතාවට නාගරික ජනතාවට වඩා වෙනස් අභියෝග පවතියි. ඒවා අතර දුර සහ යටිතල පහසුකම්වල සිට සේවා ලබා ගැනීමේ හැකියාව දක්වා විවිධ ගැටළු ඇත. 

මෙම වාර්තාව සැකසීම සඳහා JSA, පුළුල් ලෙස උපදෙස් ලබා ගත් අතර ඊළඟ අදියර සඳහා තවදුරටත් මේ සම්බන්ධ අදහස් හා යෝජනා අපේක්ෂා කරමින් සිටී. මේ සඳහා ඔබටත් ඔබේ යෝජනා ආදිය ලබා දිය හැකි අතර ඉදිරිපත් කිරීම් 2025 ඔක්තෝබර් 2 වන දින දක්වා විවෘතයි.

මෙහි ඊළඟ පියවර ලෙස, විවිධ අධිකරණ බල ප්‍රදේශ, කලාප සහ අංශ සඳහා අනන්‍ය වූ regional Roadmaps සංවර්ධනය කිරීමට අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගැනීමට සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

ඔබත් ඕස්ට්‍රේලියාවේ කලාපීය ප්‍රදේශයක ජීවත් වන අයෙක්නම් හෝ ඒ පිලිබඳ උනන්දුවක් දක්වන අයෙක්නම් වැඩි දුර රැකියා අවස්ථා හා අධ්‍යාපන අවස්ථා සඳහා මෙම Jobs and Skills Roadmap for Regional Australia – Phase 1 පහත link එකෙන් ගොස් ලබා ගත හැක.

Jobs and Skills Roadmap for Regional Australia – Phase 1: https://www.jobsandskills.gov.au/publications/jobs-and-skills-roadmap-regional-australia-phase-1 

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025