“The Tree of Man” යනු ඕස්ට්‍රේලියානු නවකතාකරුවෙකු සහ නොබෙල් ත්‍යාගලාභියෙකු (1973) වන Patrick White විසින් ප්‍රකාශයට පත් කරන ලද සිව්වන නවකතාවයි. මෙහි පළමු සංස්කරණය Viking Press (US) සහ Eyre & Spottiswoode (UK) විසින් ප්‍රකාශයට පත් කෙරුණා.
එහි Parker පවුලේ ජීවිත කතාව සහ දශක ගණනාවක් පුරාවට වෙනස් වන ඔවුන්ගේ වාසනාව විස්තර කෙරෙනවා. එය ඕස්ට්‍රේලියානු ජනප්‍රවාද සහ සංස්කෘතික මිථ්‍යාවන් යම් තාක් දුරකට පෙන්වන අතර, බටහිර ශිෂ්ටාචාරයේ වීර කාව්‍ය ඉතිහාසය, ඕස්ට්‍රේලියානු සමාජයට දායාද කර ඇති සංස්කෘතික සම්ප්‍රදායන් සහ මතවාදයන් එම ජීවන රටාවට ඇතුළත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.
මෙහි නම A. E. Housman ගේ, A Shropshire Lad නමැති කාව්‍ය තුළින් අභාෂය ලබා ඇත. මෙම නවකතාව “1001 Books You Must Read Before You Die” (ඔබ මිය යාමට පෙර කියවිය යුතු පොත් 1001) අතරට ඇතුළත් කර ඇති White ගේ පොත් තුනෙන් එකකි. අනෙක් ඒවා “Voss” සහ “The Living and the Dead” වේ.
මෙම පොතේ පළමු කොටස චීන සාහිත්‍ය විශාරදයෙකු වන Jin Liqun විසින් මැන්ඩරින් භාෂාවට පරිවර්තනය කරන ලදී. ලොව පුරා බොහෝ දෙනාගේ ඉහළ ඇගයීමට ලක්ව ඇති The Tree of Man, පොත් වලට ආදරය කරන ඔබ කියවිය යුතුම පොතක්.
Image credit goes to: en.wikipedia.org