ඔස්ට්‍රේලියාවට අලුතෙන් ආපු කෙනෙක්නම්, තවමත් ඔයාට ප්‍රවාහනය කියන දේ ටිකක් ගැටළුවක් වෙන්න ඇති. ඉගෙනීම් කටයුතු වලට, රැකියාවට වගේම ඔබට සති අන්තයේ නගරය වටා ඇවිදින්න වුණත්, වෙනත් ස්ථානයකට ගමන් කරන්න අවශ්‍ය වුණත්, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් විදිහට රටේ ප්‍රවාහන පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය දැන සිටීම වැදගත් වෙනවා.
ඕස්ට්‍රේලියාව තුළ ප්‍රවාහනය සලකුවම දුම්රිය, බයිසිකල්, බස් රථ, කුලී රථවල සිට ගුවන් යානා දක්වා පුළුල් ප්‍රවාහන ක්‍රම රැසක් තිබෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ පෞද්ගලික වාහනයක් තිබුණත් නැතත් ඔයාගේ පහසුවට ඔයා දැනගත යුතුම ප්‍රවාහන ක්‍රමයක් ගැන. ඒ තමයි Bicycles. මේක ප්‍රවාහනය සඳහා වඩා ලාබදායී වගේම ඉතා පහසු ක්‍රමයක්.
බොහෝ විට, මේ රටේ ඉන්න international students ලා ප්‍රවාහනය සඳහා වසරකට $700 – $1500 ක් පමණ වැය කරනවා. ඉතින් මෙහෙම මුදල් වියදම් කරනවා වෙනුවට, බයිසිකලයක් මිලදී ගන්න එක හොඳ ආර්ථික විකල්පයක්. මේ විදිහට ඔයාට බයිසිකලයක් මිලදී ගන්න හෝ කුලියට ගන්න පුළුවන්. Brisbane City Cycle, Melbourne Bike Share, සහ Hobart Bike Hire යනු ජනප්‍රිය බයිසිකල් බෙදාගැනීමේ යෝජනා ක්‍රම කිහිපයක්.
කොහොම වුණත්, ඔයත් බයිසිකලයක් පදිනවානම් helmet එකක්, බයිසිකලයේ ඉදිරිපස සහ පිටුපස ලයිට් සහ බයිසිකලය සොරකම් කිරීමෙන් වළක්වා ගන්න හොඳ lock එකක් පැළඳිය යුතුයි. ඒ වගේම බයිසිකල් පදින කෙනා සෑම මාර්ග නීතියක්ම හරි විදිහට අනුගමනය කළ යුතු වෙනවා.
ඉතින් ඔයත් මේ විදිහට ඔයාගේ ප්‍රවාහනය පහසු කරගන්න ලාබදායී ක්‍රමයක් විදිහට Bicycles භාවිතය ගැන හිතලා බලන්න. මේක මුදල් අතින් වගේම ඔයාගේ ශරීර සෞඛ්‍යයටත් උදව්වක් වෙයි. ඒ වගේම නිසි නීති රීති ගැන අවබෝධයක් ලබා ගන්නත් ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙන්නත් අමතක කරන්න එපා.