ගිනි ගත්ත Tomorrowland වේදිකාව

  • Home
  • /
  • News
  • /
  • ගිනි ගත්ත Tomorrowland වේදිකාව

Tomorrowland කියන්නේ ලෝකයේ ඉතාම ජනප්‍රිය සංගීත උළෙලක් වන අතර මෙය විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික් ඩෑන්ස් සංගීතය (EDM) සඳහා යෙදෙන උත්සවයකි. බෙල්ජියමයේ මෙම සංගීත උළෙල පැවැත්වීමට තිබු ප්‍රධාන වේදිකාවේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම වේදිකාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙය සිදුවී ඇත්තේ උළෙල ආරම්භ වීමට දින දෙකකට පමණ පෙරය. ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම ගින්නෙන් කිසිවෙකුට ආනතුරු සිදුව නැත. කෙසේවෙතත්, වේදිකාවට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

Tomorrowland සංගීත උළෙල එළැඹෙන සිකුරාදා ආරම්භ වීමට නියමිතය. එය පැවැත්වෙන්නේ ඇන්ට්වර්ප් නගරයට දකුණු පසෙහි පිහිටි බූම් නගරයේදී වන අතර, සති අන්ත දෙකක් පුරා මෙම විශාල උත්සවය පැවැත්වෙනු ඇත. එයට ලොව පුරා පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.

 

Image credit goes to: www.reddit.com

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025