නීරෝගීම ජනාධිපතිත් ලෙඩ වෙයි

  • Home
  • /
  • News
  • /
  • නීරෝගීම ජනාධිපතිත් ලෙඩ වෙයි

ඇමරිකා ජනාධිපතිවරයාගේ අතේ තැලීම් පෙන්නුම් කරන ඡායාරූප පිළිබඳ දින ගණනාවක් පුරා පැවති විවිධ කතා වලින් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය බ්‍රහස්පතින්දා (ඊයේ) නිවේදනය කළා.

මෑතකදී ඔහුගේ කකුල් ඉදිමීමෙන් පසු, ට්‍රම්ප් vascular testing ඇතුළුව පුළුල් පරීක්ෂණයකට භාජනය වූ බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් Karoline Leavitt පැවසුවා. ට්‍රම්ප්ගේ අතේ ඇති තැලුණු ස්වභාවය නිතර අතට අත දීමෙන් ඇති වන පටක හානි තත්ත්වයක් බවත් ඇය තවදුරටත් පැවසුවා.

79 හැවිරිදි ට්‍රම්ප් නිතරම ඔහුගේ යහපත් සෞඛ්‍යය ගැන ප්‍රසිද්ධියේ කතා කර ඇති අතර, “මෙතෙක් ජීවත් වූ සෞඛ්‍ය සම්පන්නම ජනාධිපතිවරයා” ලෙසත් වරක් ඔහු තමන්ව හඳුන්වා දුන්නා.

ජනාධිපතිවරයාගේ මෙම මෑතකදී සොයා ගන්නා ලද ශිරා රෝගය chronic venous insufficiency ලෙස හඳුන්වන අතර, එය ඇති වන්නේ කකුල් වල ශිරා මගින් හදවතට රුධිරය පොම්ප කිරීමට අපොහොසත් වන විටයි. එමඟින් එය පහළ අත් පා වල එකතු වී ඉදිමීම ඇති වෙනවා.

 

Image Credit : https://www.lemonde.fr/en/

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025