Shah Rukh Khan වෙනුවට Hrithik Roshan

  • Home
  • /
  • Blog
  • /
  • Shah Rukh Khan වෙනුවට Hrithik Roshan

දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි විවෘත කිරීමේ විශේෂ උත්සවය සඳහා බොලිවුඩ් අභිමානය රිතික් රෝෂන් සහභාගී වීමට නියමිතව තිබේ.මෙම අවස්ථාව සඳහා මුලදී සහභාගීවීමට නියමිතව තිබුණේ සුපිරි නළු ෂාරුක් ඛාන් වන අතර, නොවැළැක්විය හැකි හේතුවක් මත ඔහුට සහභාගී විය නොහැකි වන බව දැනුම් දී ඇත.

City of Dreams Sri Lanka ආයතනයේ ප්‍රකාශකයෙක් මේ සම්බන්ධයෙන් පැවසූයේ,

“ෂාරුක් ඛාන් මහතාගේ නොපැමිණීම ගැන අප කණගාටු වන අතර, විවෘත කිරීමේ උත්සවය නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඔහුට අපගේ ගැඹුරු කෘතඥතාවය පළ කරන අතර, අනාගතයේදී ඔහු අප හා එක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.”

මීට අමතරව, ශාරුක් ඛාන්ගේ නිල නියෝජිත ආයතනය වන WizCraft පවසන්නේ:

“පෙර සැලසුම් කර තිබුණද, නොවැළැක්විය හැකි හේතුවක් මත City of Dreams Sri Lanka හි විවෘත කිරීමේ උත්සවයට ඔහුට සහභාගී විය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමු.”

 

 

Image Credit goes to by : https://www.reddit.com/r/BollyBlindsNGossip/comments/1juyv43/whats_happened_to_hrithik_roshan/

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025