බ්‍රහස්පතින්දා අලුයම ඔවුන්ගේ දේශසීමාවේ මතභේදාත්මක කොටසක තායිලන්තයේ සහ කාම්බෝජයේ භට පිරිස් ගැටුම් ඇති කරගෙන ඇති අතර, දෙපාර්ශ්වයම පළමු වෙඩි තැබීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිනවා.
තායි හමුදාව පවසන්නේ මෑත සතිවල ආතතීන් ඉහළ ගොස් ඇති Ta Muen Thom නමැති Khmer temple එක අසලදී කාම්බෝජ සොල්දාදුවන් වෙඩි තැබීම ආරම්භ කළ බවයි.
කෙසේ වෙතත්, කාම්බෝජයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ තායි හමුදා පළමුව වෙඩි තැබීමෙන් පසු තම සොල්දාදුවන් ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිචාර දක්වන බවයි.
කාම්බෝජය දැඩි ලෙස සන්නද්ධ හමුදා යෙදවීමට පෙර ප්‍රදේශයට නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් යවා ඇති බව තායි හමුදාව පැවසූ අතර අවම වශයෙන් තායි සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් පවසා සිටියා.
කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Maly Socheata පැවසුවේ තම හමුදා, තායි හමුදා ආක්‍රමණයට එරෙහිව ඔවුන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ඔවුන්ගේ අයිතිය ක්‍රියාත්මක කළ බවයි. තායිලන්තය කාම්බෝජයේ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කළ බවත් ඇය පැවසුවාය.
කාම්බෝජ පළාත් දෙකක කොටස් වෙත තායි හමුදාව විසින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව හිටපු නායක Hun Sen, Facebook හි සඳහන් කළ අතර, ජනතාවට කලබල නොවන ලෙස ද ඉල්ලා සිටියා.
“කාම්බෝජය සැමවිටම ගැටළු සාමකාමීව විසඳීමට කැමති ස්ථාවරයක් පවත්වා ගෙන ගොස් ඇත. නමුත් මෙම අවස්ථාවේ දී සන්නද්ධ ආක්‍රමණයට එරෙහිව සන්නද්ධ බලයෙන් ප්‍රතිචාර දැක්වීම හැර වෙනත් විකල්පයක් අපට නැහැ” යනුවෙන් අගමැති Hun Manet, Facebook හරහා ප්‍රකාශ කළේය.
තායිලන්තයේ වැඩබලන අගමැති Phumtham Wechayachai පැවසුවේ කාම්බෝජය සමඟ ඇති තම ආරවුල සියුම් ලෙස පවතින බවත් එය ප්‍රවේශමෙන් සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව විසඳිය යුතු බවත්ය.
දේශසීමාවේ දී තායි සොල්දාදුවෙකුට තුවාල සිදු කළ බිම් බෝම්බ පිපිරීමකින් පසුව, තායිලන්තය සිය කාම්බෝජ තානාපතිවරයා ආපසු කැඳවීය. එයින් දිනකට පසුව බ්‍රහස්පතින්දා ගැටුම ඇති විය. බදාදා දින බැංකොක් ද කාම්බෝජයේ තානාපතිවරයා නෙරපා හරින බව පැවසීය.
පසුගිය මාස දෙක තුළ, රටවල් දෙකම පළිගැනීමේ සීමාවන් පනවා ඇති අතර දේශසීමාවේ හමුදා පැමිණීම ශක්තිමත් කර ඇත.
Image credit goes to by : https://island.lk/thai-and-cambodian-troops-clash-at-disputed-border/