ආරක්ෂාව පිළිබඳ ඇති වූ ගැටළු වලින් පසු මිලියන සංඛ්‍යාත මගීන්ට දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් රථවල ගමන් කිරීම සඳහා ජනප්‍රිය ක්‍රමයක් භාවිතා කිරීම ඉක්මනින්ම තහනම් විය හැකියි. බැටරි ආශ්‍රිත ගිනිගැනීම් මාලාවකින් පසුව NSW රජය දුම්රිය සහ මෙට්‍රෝ සේවාවන්හි e-bikes තහනම් කිරීම බැරෑරුම් ලෙස සලකා බලමින් සිටින අතර, ඒ සඳහා Albanese රජයෙන් රෙගුලාසි දැඩි කරන ලෙස ඉල්ලා සිටී.
බදාදා සමාජ මාධ්‍ය වල පැතිර ගිය ආකාරයට NSW දුම්රිය ස්ථානයක පෝස්ටරයක් පළ කර තිබූ අතර, එමගින් මගීන්ට e-bikes හෝ e-scooters රැගෙන නොයන ලෙස ඉල්ලා සිටියේය.
ප්‍රවාහන අමාත්‍ය John Graham පැවසුවේ, ෆෙඩරල් රජයට කරන ලද ඉල්ලීම් මධ්‍යයේ, ලන්ඩනයේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති ආකාරයටම, දුම්රියවල e-mobility උපාංග තාවකාලිකව තහනම් කිරීම පිළිබඳව ප්‍රාන්ත රජය සලකා බලමින් සිටින බවයි.
භයානක උපාංග ආනයනය වැළැක්වීම සහ lithium-ion බැටරි ගිනි ගැනීමේ අවදානම අවම කිරීම සඳහා, e-bikes සහ e-scooters සම්බන්ධ නීති ශක්තිමත් කිරීමට Victoria සමඟ NSW මධ්‍යම රජයේ සහාය අපේක්ෂා කරන බවත් ඔහු පවසා සිටියා.
විදේශයන්හි දුර්වල නිෂ්පාදනය සහ බැටරි ආරක්ෂණ ප්‍රමිතීන් නොමැතිකම හේතුවෙන්, Melbourne හි දුම්රියක සහ Sydney දුම්රිය ස්ථානයක ද ඇතුළුව මෙම ප්‍රාන්ත දෙකෙහිම බැටරි ගිනි ගැනීම් වැඩි වෙමින් පවතිනවා. මෙම තහනම සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව මේ වන විට පෙනී යනවා.
මෙම වසර මුලදී Melbourne හි නැගෙනහිර union දුම්රිය ස්ථානයේ දුම්රියක ඇති වූ e-bike බැටරි ආශ්‍රිත ගින්නක් හේතුවෙන් හදිසි ඉවත් කිරීමක් සිදු වුණා. e-bikes, e-scooters, සහ e-skateboards වැනි උපාංග බලගන්වන Lithium-ion බැටරි, මෑත වසරවල සැලකිය යුතු නිවාස ගිනි ගැනීම් සංඛ්‍යාවක් සඳහා ද හේතු වී තිබෙනවා.
දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් රථවල e-mobility උපාංග භාවිතය සීමා කිරීම සඳහා යෝජිත දුම්රිය රෙගුලාසි පිළිබඳව අදහස් දක්වන ලෙස වික්ටෝරියානු රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යෝජිත වෙනස්කම් යටතේ, trains සහ coaches වල e-bikes සහ e-scooters සඳහා තවදුරටත් අවසර නොදෙන අතර, නැමිය හැකි e-bikes සහ e-scooters සඳහා පමණක් දුම්රිය සහ බස් රථවල අවසර ලැබෙනවා. සැලසුම් පිළිබඳ උපදේශනයක් අගෝස්තු 18 දක්වා විවෘතයි.
e-skateboards සහ e-unicycles වැනි අනෙකුත් බැටරි බලයෙන් ක්‍රියාත්මක වන mobility devices දුම්රිය, ට්‍රෑම් රථ, බස් රථ සහ coaches වලින් තහනම් කරන නමුත් තවමත් සාම්ප්‍රදායික mobility ස්කූටර් සඳහා අවසර තිබෙනවා.
ගිනි ගැනීමේ අවදානම වැඩි වීමට හේතු වන නියාමනය නොකළ e-bike පරිවර්තනයන් ද ඇතුළුව දුර්වල ලෙස නිෂ්පාදනය කරන ලද හෝ වෙනස් කරන ලද උපාංගවල ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙන් යෝජිත වෙනස්කම් සිදු කර ඇති බව වික්ටෝරියානු රජය පවසනවා.
මෑත වසරවලදී මගීන් අතර e-bike සහ අනෙකුත් සංචලන උපාංග ජනප්‍රියතාවයෙන් ඉහළ ගොස් තිබෙනවා. මැයි මාසයේදී, NSW රජය පළමු වරට සමහර වීදි සහ මාර්ගවල විද්‍යුත් බයිසිකල් සඳහා අවසර දීමට යෝජනා කළා. විද්‍යුත් බයිසිකල් ඇතුළු විද්‍යුත් ජංගම උපාංග මිලියන 1.3 ක් පමණ ප්‍රාන්තයේ භාවිතා වන බවට ගණන් බලා තිබෙනවා.