ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ මල්ලවපොර තරුවක් වූ හල්ක් හෝගන් (Hulk Hogan) ෆ්ලොරීඩාවේ සිටි තම නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71කි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ අභාවය මල්ලවපොර ඉතිහාසයේ තවත් එක් යුගයක අවසානයක් බවයි. 1977 දී ඔහුගේ මල්ලවපොර වෘත්තීය දිවිය ආරම්භ වූ අතර, 1983 දී ලෝක මල්ලවපොර සම්මේලනයට එක්වීම තුලින් ඔහුගේ ජනප්‍රියත්වය තව තවත් ඉහල යාමට විශාල හේතුවක් විය.
මල්ලවපොර ක්‍රීඩාවෙන් පමණක් නොව, ඔහුගේ “Hogan Knows Best” රියැලිටි වැඩසටහන හරහාද ලොව පුරා රසිකයන් අතර ජනප්‍රියත්වය හිමිවීය.
අවසානයේදී හෝගන් මහතා මැයි මාසයේදී බෙල්ලේ සැත්කමකට සහ තවත් සැත්කමක් ලෙස හෘද ශල්‍යකර්මයකටද ලක්වී සිටියේය.
Image Credit goes to by : https://images.thedailystar.net/entertainment/tv-film/news/wrestling-legend-hulk-hogan-dead-71-3947181