- Apples
ඔස්ට්‍රේලියාව apple වලට ලෝකය පුරාම ප්‍රසිද්ධයි. ලොව ජනප්‍රියම apple ප්‍රභේද රාශියක්ම ඔස්ට්‍රේලියාව තුළ වගා කරනවා. ඒ අතරින් සමහර වර්ග මෙරටට ආවේණික විශේෂ.
Cripps Pink apples කියන්නේ ඒ වගේ සුවිශේෂී apple ප්‍රභේදයක්. මේක ඕස්ට්‍රේලියානු ඇපල් ප්‍රභේදයක්. මෙම ඇපල් වර්ගය නැවුම්ව ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. එවිට වඩා වැඩි පැණිරසක් තිබෙනවා. Cripps Pink apples සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ වගා කළත්, ඒවා කැනඩාව, චිලී, බ්‍රසීලය සහ එක්සත් ජනපදය වැනි අනෙකුත් රටවල ද සොයාගන්න පුළුවන්.
තවත් ජනප්‍රියම apple වර්ගයක් තමයි Granny Smith apples. මේ ලෝක ප්‍රසිද්ධ කොළ පැහැ ඇපල් ඇත්ත වශයෙන්ම ඕස්ට්‍රේලියානු සම්භවයක් ඇති වර්ගයක්. මෙම අපල වර්ගය සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ Granny Smith හටයි. එහි ආවේණික ඇඹුල් රසය බොහෝ දෙනා අතර ජනප්‍රිය වීමට හේතුවක් වෙනවා. අමු Granny Smith apples චීස් සමග වඩාත් හොඳ රසයක් ලබා දෙනවා. මෙම ඇපල් වර්ගය බොහෝ විට pies, cobblers, cakes, muffins, සහ tart වර්ග සෑදීමට භාවිත කරනවා.
- Lilly pilly
Lilly pilly කියන්නේ ඝන සහ දිලිසෙන කොළ සහිත සදාහරිත ශාකයක්. එය ඕස්ට්‍රේලියාව පුරා විසිතුරු ගසක් ලෙසත් වගා කරනවා. විසිතුරු බව වගේම මෙහි Lilly pilly හෙවත් riberry ලෙස හඳුන්වන එහි පලතුරු වර්ගයත් බොහෝ දෙනාගේ ප්‍රියතම කෑමක්. මෙම ශාකයේ ප්‍රභේද පනහකට වඩා තිබෙනවා. ඒ නිසා මේ පලතුර ප්‍රමාණයෙන් සහ වර්ණයෙන් තරමක් වෙනස් වෙන්න පුළුවන් වුණත් සාමාන්‍යයෙන් පෙයාර්ස් හැඩැති හෝ ගෝලාකාර හැඩයෙන් හමු වෙනවා. මෙහි වර්ණය මැජෙන්ටා සිට ලා රෝස දක්වා වර්ණ පරාසයක පවතිනවා.
ඇපල් සහ පෙයාර්ස් සිහිගන්වන තද වයනයකින් සහ රසයකින් සමන්විත මෙම පලතුර කෙළින්ම ආහාරයට ගත හැකියි. විවිධ අතුරුපසවලට ද පහසුවෙන් එකතු කර ගත හැකියි වගේම ජෙලි සහ සෝස් බවට පත් කරන්නත් පුළුවන්. ඉතින් Lilly pilly රස විඳින්න කැමති ඔබට දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලවලදී නැවුම්ව ලබා ගන්න පුළුවන්. අනෙකුත් කාල වලදීත් frozen කරපු Lilly pilly රස බලන්න අවස්ථාව තිබෙනවා.
- Native raspberry
සාමාන්‍යයෙන් අව්ව සහිත ප්‍රදේශවල ඇළ දොළ සහ මාර්ග අසල දක්නට ලැබෙන පඳුරු වල වැඩෙන තවත් රසවත් පලතුරක් තමයි ඕස්ට්‍රේලියානු ස්වදේශික රාස්ප්බෙරි (Australian native raspberries). ජුනි සිට ඔක්තෝබර් දක්වා මෙම රසවත්, පැණිරස, රතු පැහැති බෙරි වර්ගය දැකගන්න පුළුවන්. ඒවා නැවුම්ව පරිභෝජනය කරන්න වගේම ජෑම් සහ සෝස් සෑදීමටත් ඉතා සුදුසුයි.
මෙම ස්වදේශික රාස්ප්බෙරි වල කොළ, තේ සෑදීමටත් භාවිත කරන්න පුළුවන්. එය ආහාර දිරවීමට අදාළ ගැටළු සඳහා උපකාරී වන බව පැවසෙනවා.
- Muntries
Muntries කියන්නෙත් ඕස්ට්‍රේලියාව තුළ ඉතා සුවිශේෂී පලතුරක්. මෙම අඩුවෙන් වැඩෙන පඳුරු සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළ තීරයේ දක්නට ලැබෙනවා. මෙය juniper සමග ඇපල් වලට සමාන රසයක් ලබා දෙනවා. සම්පූර්ණයෙන්ම ඉදුණු විට, මෙම පලතුරු රතු පැහැයක් සහිත කොළ පැහැයක් ගන්නවා.
අස්වැන්න නෙළූ පසු, පලතුරු නැවුම්ව පරිභෝජනය කළ හැකි අතර එය ශීත කළ හෝ වියළා ගත හැකියි. Muntries, ජෑම් සහ චට්නි ලෙස හෝ අයිස්ක්‍රීම් හැන්දක් සමඟ අතුරුපසක් ලෙස ආහාරයට ගැනීම ඉතාම රසවත්.
- Quandong
Quandong යනු දීප්තිමත් රතු පැහැයක් සහ තරමක් ඇඹුල් රසයක් සහිත කුඩා ඕස්ට්‍රේලියානු පලතුරක්. බොහෝ විට peaches සහ apricots අතර රසයට සමාන රසයක් ලෙස විස්තර කරන්න පුළුවන්. මැද ඇති පලතුරු ඇටවල ආමන්ඩ් රසයක් ඇති අතර ඒවා බැද ගැනීමට හෝ තෙල් සඳහාත් සුදුසුයි. ජෑම්, pies, හෝ fruit purées සෑදීම සඳහා quandongs ඉතාම සුදුසුයි.