Elon Musk ගේ චන්ද්‍රිකා බලඇණිය මගින් බල ගැන්වෙන අන්තර්ජාල ජාලය ලොව පුරා අක්‍රිය වූ අතර, ඕස්ට්‍රේලියානුවන් දහස් ගණනක් ද මේ මගින් පීඩාවට පත් වුණා.
Starlink විසින් 6am AEST පමණ ඇණහිටීම තහවුරු කරන විට කලාපීය සහ දුරස්ථ ප්‍රදේශවල ඕස්ට්‍රේලියානුවන් 200,000 ක් පමණ ජාලය භාවිතා කළා.
“Starlink දැනට network outage එකක පවතින අතර අපි විසඳුමක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඔබගේ ඉවසීම අපි අගය කරන අතර මෙම ගැටළුව විසඳූ පසු අපි දැනුම් දෙන්නම්” යනුවෙන් සමාගම 6.05am AEST ට X හි පණිවුඩයක් පළ කළා.
පැය දෙකකට පසු, ගැටළුව බොහෝ දුරට විසඳා තිබුණා. “Starlink දැන් පැය 2.5 ක් පමණ පැවති network outage එකෙන් බොහෝ දුරට යථා තත්ත්වයට පත්ව ඇත” යනුවෙන් සමාගම 8.23am AEST ට පළ කර තිබුණා.
මූලික ජාලය ක්‍රියාත්මක කරන ප්‍රධාන අභ්‍යන්තර software services වල failure එකක් හේතුවෙන් මෙම ඇනහිටීම සිදුවුණා. මෙම ගැටලුව නැවත ඇති නොවීමට කටයුතු කරන බවත් Starlink දන්වා තිබුණා.
Starlink එහි එක එක රටවල පාරිභෝගික සංඛ්‍යාව රහසක් ලෙස තබා ගන්නවා. නමුත් 2024 මාර්තු මාසයේදී ඔවුන් නිවේදනය කළේ ඕස්ට්‍රේලියානු ගනුදෙනුකරුවන් 200,000 ක් ලියාපදිංචි වී ඇති බවයි. 140,000 කට වැඩි පිරිසක් Starlink Users Australia Facebook group එකකට සම්බන්ධ වී ඇති අතර, 10am AEST ට පාරිභෝගිකයින්ට රට පුරා checkerboard ආවරණයක් ලැබෙනවා.
ක්වීන්ස්ලන්තයේ සහ NSW හි බොහෝ ප්‍රදේශවල ජනතාව මෙන්ම, කලාපීය ටැස්මේනියාවේ ජනතාව ඔවුන්ගේ සේවාව නැවත ක්‍රියාත්මක වන බව වාර්තා කරනවා. කෙසේ වෙතත්, වික්ටෝරියා හි Gippsland කලාපයේ සහ ක්වීන්ස්ලන්තයේ Whitsundays හි ජනතාව ඒ වන විටත් පවසා තිබුණේ ඔවුන් offline බවයි.
Image Credit goes to by : https://www.nbcdfw.com/