ඕස්ට්‍රේලියාව කියන්නේ දියුණු ප්‍රවාහන පද්ධතියක් තිබෙන රටක්. රට තුළ ගමන් කරන්න භාවිත කරන ජනප්‍රිය ප්‍රවාහන ක්‍රම කිහිපයක් ගැන කලින් articles වලින් අපි කතා කළා. අදත් කියන්න හදන්නේ ඒ වගේ තවත් ඔබ දන්නා ප්‍රවාහන ක්‍රම 2ක් ගැන. ඒ තමයි Taxi Service සහ Airlines.
Taxi Service
පහසු දිගු ගමනක් සඳහා, Taxi එකක් කියන්නේ හොඳ තේරීමක්. බොහෝ රටවල් වල වගේම ඕස්ට්‍රේලියාවෙත්, කුලී රථ පාර අයිනේ දැකිය හැකියි. ඒ නිසා ඔයාටත් ඉතා පහසුවෙන් Taxi එකක් ලබා ගන්න පුළුවන්. නගරය වටා ඉක්මනින් ගමන් කිරීමට මේක හොඳම විකල්පයක්. එසේම, ඕස්ට්‍රේලියාවේ බොහෝ කැබ් සමාගම්වල, taxi එකක් වෙන්කරවා ගැනීමට සහ ගාස්තු ගණනය කරගැනීම සඳහා සකස් කරපු ඔවුන්ගේම apps තියෙනවා.
ඔයා ඕස්ට්‍රේලියාවට තවමත් අලුත් කෙනෙක්නම් ඔයා දැනගන්න අවශ්‍ය දෙයක් තමයි මෙහෙදී taxi එකේ ගාස්තුව කතා කරලා අඩු කරගන්න නම් බැහැ. ඒ කියන්නේ ඔයා meter එකේ පෙන්නන නිශ්චිත මුදල ගෙවිය යුතුයි.
13Cabs, Premiercabs සහ Rydo කියන්නේ ඕස්ට්‍රේලියාව තුළ සිටින හොඳම taxi providers ලා කිහිප දෙනෙක්. ඊට අමතරව ලාබදායී විකල්පයක් විදිහට, Uber වගේ සේවාවන් ලබා ගන්නත් පුළුවන්.
Airlines
ගුවන් ගමන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අතර දිගු දුර ගමන් සඳහා සුවිශේෂී වන්නේ එය ලොකු කාලයක් ඉතිරි කරන නිසා. උදාහරණයක් විදිහට, සිඩ්නි සහ පර්ත් අතර ගමන් කරන්න ගත වෙන්නේ ආසන්න වශයෙන් පැය 5 ක පමණ කාලයක්. නමුත් ඔයා මේ නගර 2 අතරම මාර්ගයෙන් ගමන් කරනවා නම්, ගමන අතරතුර ඇති නැවතුම් ස්ථාන මතත් පදනම්ව පැය 40 ක් පමණ ගත වෙනවා. Jetstar, Qantas, Virgin Australia සහ Tigerair යනු රටේ තිබෙන ප්‍රධාන ගුවන් සේවා හතරක්.