COVID-19 වසංගතය අතරතුර කලාපීය ප්‍රදේශවල සංවර්ධනයට දායක වෙන්න ඕස්ට්‍රේලියානු රජය වැදගත් පියවරක් ගත්තා. ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ කලාපීය ප්‍රදේශ නංවාලීමට සංක්‍රමණිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වන visa programs ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ.
2019 නොවැම්බර් මාසයේදී, ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ කලාපීය ප්‍රදේශ නංවාලීමට රජය විසින් immigration program එක සඳහා වෙනස්කම් ප්‍රකාශයට පත් කළා. ඕස්ට්‍රේලියාවේ regional migration program එකට ඇතුළත් වන්නේ:
- permanent residence සඳහා මාර්ගයක් සපයන skilled regional provisional visas 2ක්
- skilled regional permanent resident visa බලපත්‍රයක් (2022 නොවැම්බර් සිට)
- කලාපීය ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට සහ වැඩ කිරීමට නම් කරන ලද skilled migrants ලා සඳහා Skilled Migration Points Test යටතේ අමතර කරුණු
- regional universities වලින් උපාධිය ලබා ගන්නා ජාත්‍යන්තර සිසුන් සඳහා තවත් විකල්ප
කලාපීය ප්‍රදේශවලට සංක්‍රමණිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ප්‍රාන්ත, ප්‍රදේශ සහ පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරනවා. ඕස්ට්‍රේලියාවේ කලාපීය ප්‍රදේශ වල පදිංචි වන දක්ෂ සංක්‍රමණිකයින්ට ඔවුන්ගේ අත්දැකීම්, කුසලතා සහ සුදුසුකම් වලට ගැලපෙන පරිදි විවිධ වෘත්තීය අවස්ථා පවතිනවා. කෘෂිකාර්මික අංශයේ ශ්‍රම හිඟය පියවීම සඳහා ඕස්ට්‍රේලියානු රජය තාවකාලික වීසා පියවර ගණනාවක් ද හඳුන්වා දී තිබෙනවා.
කලාපීය ප්‍රදේශයක අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර උපාධිධාරීන්
කලාපීය අධ්‍යාපන ආයතනයකින් උපාධිය ලබා ඇති සහ ඔවුන්ගේ පළමු Temporary Graduate visa (TGV) එක හරහා ඕස්ට්‍රේලියාවේ කලාපීය ප්‍රදේශයක ජීවත් වූ තාවකාලික උපාධි වීසා (TGV) දරන්නන් දෙවන TGV එක සඳහා සුදුසුකම් ලබනවා.
දෙවන TGV සඳහා සුදුසුකම් ලබන අය ඔවුන්ගේ නව වීසා බලපත්‍රයේ කාලසීමාව සඳහා කලාපීය ප්‍රදේශයක රැඳී සිටීම අවශ්‍යයි. සුදුසුකම් අතරට metropolitan university එකකට අයත් regional campus එකක අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් ද ඇතුළත්.
- Category 2 එකේ අධ්‍යාපනය ලැබූ සහ ජීවත් වූ ජාත්‍යන්තර උපාධිධාරීන් දෙවන Temporary Graduate visa බලපත්‍රයක් මත අමතර වසරක් සඳහා සුදුසුකම් ලබනවා.
- Category 3 එකේ අධ්‍යාපනය ලැබූ සහ ජීවත් වූ ජාත්‍යන්තර උපාධිධාරීන් දෙවන Temporary Graduate visa බලපත්‍රයක් මත අමතර වසර 2 ක් සඳහා සුදුසුකම් ලැබිය හැකියි.
මෙය ජාත්‍යන්තර සිසුන්ට regional institution එකක අධ්‍යාපනය ලැබීමට සහ අධ්‍යයනයෙන් පසු regional areas වල ජීවත් වීමට අමතර දිරිගැන්වීමක් සපයනවා. මෙහි අරමුණ වන්නේ කලාපීය ඕස්ට්‍රේලියාවේ විවිධත්වය සහ සමෘද්ධිය ඉහළ නැංවීමයි. ඒ සමඟම, එය ප්‍රධාන නගරවල වර්ධනය වන පහසුකම් වල හිඟතාව අඩු කිරීමටත් උපකාරී වෙනවා.
ශිෂ්‍ය වීසා බලපත්‍ර සඳහා කිසිදු වෙනසක් නැහැ. මෙම විකල්පය ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියාවේ කලාපීය ප්‍රදේශ වල අධ්‍යාපනය ලැබීමට සහ ජීවත් වීමට මුලපිරීමක් ලෙස ලබා ගන්න පුළුවන්.
මේ යටතේ සුදුසුකම් ලත් කලාපීය ප්‍රදේශ
කලාප categories 3ක් යටතේ අර්ථ දක්වා තිබෙනවා.
- Category 1 – Sydney, Melbourne and Brisbane හි ප්‍රධාන නගර (Major Cities) සඳහා කිසිදු කලාපීය දිරිගැන්වීමක් ලැබෙන්නේ නැහැ.
- Category 2 – Perth, Adelaide, Gold Coast, Sunshine Coast, Canberra, Newcastle/Lake Macquarie, Wollongong/Illawarra, Geelong සහ Hobart හි නගර සහ ප්‍රධාන කලාපීය මධ්‍යස්ථාන (Cities and Major Regional Centres)
- Category 3 – ප්‍රාදේශීය මධ්‍යස්ථාන සහ අනෙකුත් කලාපීය ප්‍රදේශ (Regional Centres and Other Regional Areas)
Category 2 හි හෝ Category 3 හි වර්ගීකරණය කර ඇති ස්ථානවලට සංක්‍රමණය වන skilled migrantsලා සඳහා කලාපීය දිරිගැන්වීම් ලබා දෙනවා.
වැඩිදුර තොරතුරු සඳහා, නම් කරන ලද කලාපීය ප්‍රදේශ පහත link එකෙන් ගිහින් බලාගන්න පුළුවන්.