NASA සේවකයන් ගෙදර යවන Trump පාලනය

  • Home
  • /
  • Gossips
  • /
  • NASA සේවකයන් ගෙදර යවන Trump පාලනය

ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) තම කාර්ය මණ්ඩලයෙන් සියයට 20ක් පමණ අඩු කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය, ට්‍රම්ප් පරිපාලනය යටතේ NASA අභ්‍යවකාශ ආයතනයට සිදු වූ දෙවැනි විශාලතම සේවක කප්පාදුව ලෙස සැලකෙයි. මෙම සංශෝධනයෙන් අනතුරුව NASA හි සේවක සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම 14,000ක් පමණ වනු ඇති බවටත්, රොයිටර් පුවත් සේවාව සඳහන් කරයි.

ඒ අනුව, NASA නියෝජිතයෙකු සඳහන් කළේ, පසුගිය සිකුරාදා (25) දින වන විට, පුද්ගලයින් 3,870ක් පමණ සේවයෙන් ඉවත් වීම අපේක්ෂා කරන බවත්, එම ගණන අනාගතයේදී වෙනස් විය හැකි බවත්ය. මෙම මාසය ආරම්භයේදී Politico මාධ්‍යය විසින් අනාවරණය කළ ලේඛනවල සඳහන් වුණේ, ජ්‍යෙෂ්ඨ මට්ටමේ NASA සේවකයින් 2,145 දෙනෙකු හෝ වැඩි සංඛ්‍යාවක් ඉවත් කිරීමටත්, ඔවුන්ගෙන් බහුතරය විශේෂ කුසලතා හා කළමනාකරණ දක්ෂතාවයෙන් යුක්ත පුහුණු කාර්ය මණ්ඩලයක් බවත්ය. එම සේවකයින් සඳහා ඉක්මන් විශ්‍රාම ගැනීම්, පෞද්ගලික මිලදී ගැනීම් සහ කල් දැමූ අස්වීම් වැනි විකල්පද ලබාදී ඇති බවද එම වාර්තාවන් නිරූපණය කරයි.

 

Image credit goes to by : https://seeklogo.com/vector-logo/97034/nasa

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025