ඕස්ට්‍රේලියාවේ හොඳම අධ්‍යාපන නගරය ගැන හැමදේම

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ හොඳම අධ්‍යාපන නගරය ගැන හැමදේම

ඕස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට, ඒ සඳහා හරියනම තැන තෝරාගන්න උදව් වෙන විදිහට මෙරට සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශවල වගේම ප්‍රධාන නගරවල උසස් අධ්‍යාපන පසුබිම ගැන තමයි අපි මේ කතා කරන්නේ.

කලින් articles වලින් Australian Capital Territory (Canberra), New South Wales (Sydney), Northern Territory (Darwin), Queensland (Brisbane), South Australia (Adelaide), Tasmania (Hobart) කියන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර උසස් අධ්‍යාපනය හදාරන්න හිතන් ඉන්න ඔයාට වැදගත් වෙන්නේ කොහොමද කියන එක කතා කළා. අද අපි කියන්න හදන්නේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයට සූදානම් වන ඔයා Victoria සහ එහි ප්‍රධාන නගරය වන Melbourne ඇතුළු අනෙකුත් අධ්‍යාපනය සඳහා ප්‍රසිද්ධ නගර සහ විශ්වවිද්‍යාල ගැන වගේම එහි අධ්‍යාපනික පරිසරය ගැන දැනගන්න අවශ්‍ය දේවල්. මේ දේවල් උසස් අධ්‍යාපනය සඳහා සුදුසු විශ්වවිද්‍යාලයක් තෝරාගන්න ඔයාට උදව් වෙයි.

ඔබේ අධ්‍යාපනික ගමන සඳහා Victoria කියන්නේ හොඳම ස්ථානයක්. ඒ ඇයි කියලා අපි බලමු.

Victoria ප්‍රාන්තයේ අගනුවර තමයි Melbourne කියන්නේ. ලෝකයේ වඩාත්ම ජීවත්වීමට සුදුසු නගරවලින් එකක් විදිහට Melbourne නගරය පිළිගැනෙනවා. 2015 සිට ඕස්ට්‍රේලියාවේ හොඳම ශිෂ්‍ය නගරය ලෙස QS විසින් ශ්‍රේණිගත කර ඇත්තේද Melbourne නගරයයි. 2025 QS ශ්‍රේණිගත කිරීම් වලට අනුව Melbourne කියන්නේ ලෝකයේ හොඳම ශිෂ්‍ය නගර අතරින් 5 වන ස්ථානයේ රැඳෙන නගරය. 

Melbourne නගරය කලාව, සංගීතය සහ විලාසිතා ආදී සංස්කෘතිකමය වටිනාකම් අතින් විශේෂත්වයක් දරනවා. වික්ටෝරියාවේ research community එක ලෝක මට්ටමේ පර්යේෂණ පහසුකම්, නව්‍ය තාක්‍ෂණයන්ට ගැලපෙන පරිසර පද්ධතියක් සහ ශක්තිමත් ව්‍යාපාරික අවස්ථා සමඟ සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා.

වික්ටෝරියාවේ ලෝකයේ වඩාත්ම විවිධත්වයෙන් යුත් ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාවක් සිටිනවා. 2023 දී මෙල්බර්න් නගරය රටවල් 175 කින් පමණ පැමිණි ජාත්‍යන්තර සිසුන් 230,000 කට අධික සංඛ්‍යාවකට නිවහන වුණා. මෙල්බර්න් හි universities, secondary schools, colleges සහ institutions සුවිශේෂී අධ්‍යාපනයක් සහ පහසුකම් ලබා දෙමින් කීර්තිමත් විද්‍යාර්ථයින් බිහි කරමින් සිටිනවා.

  • Science, Technology, Engineering And Math (Stem) Fields (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ක්ෂේත්‍ර)
  • Arts And Humanities (කලා සහ මානව ශාස්ත්‍ර)
  • Architecture And Design (ගෘහ නිර්මාණ ශිල්පය සහ නිර්මාණය)
  • Fine Art And Fashion (ලලිත කලාව සහ විලාසිතා)
  • Music And Film (සංගීතය සහ චිත්‍රපටය)

එහි අගනුවර වන මෙල්බර්න් නගරයෙන් ඔබ්බටත්, එහි කුඩා ශිෂ්‍ය නගරවල සහ Geelong, Ballarat, Bendigo, Gippsland, Mildura, Shepparton, Swan Hill, Warrnambool සහ Wodonga වැනි කලාපීය මධ්‍යස්ථානවලත් විශිෂ්ඨ මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙනවා.

වික්ටෝරියාවේ කුඩා නගරවලින් එකක හෝ කලාපීය මධ්‍යස්ථානවලින් එකක අධ්‍යාපනය ලැබීමෙන් ජාත්‍යන්තර සිසුන්ට දේශීය අධ්‍යාපනය, ව්‍යාපාර සහ සමාජ ප්‍රජාව සමඟ ගැඹුරු සම්බන්ධතා ඇති කර ගැනීමට අවස්ථාව උදා වෙනවා.

ප්‍රධාන කර්මාන්ත

වික්ටෝරියා හි විවිධාකාර අංශ ආවරණය වන පරිදි කර්මාන්ත ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය මෙහෙයවීමේදී මෙම ප්‍රාන්තය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම එය, දැනට ගෝලීය වශයෙන් 12 වන ස්ථානයට ශ්‍රේණිගත කර තිබෙනවා.

මෙල්බර්න් හි දකුණු ප්‍රදේශයේ විශාලතම ICT Research and Development clusters වලින් එකක් ඇති අතර එය ලොව ප්‍රමුඛතම, වාණිජමය පර්යේෂණ සඳහා තෝතැන්නක් වෙනවා. එය Synchrotron සහ CSIRO වැනි ඕස්ට්‍රේලියාවේ හොඳම සහ වඩාත්ම නව්‍ය පර්යේෂණ පහසුකම් කිහිපයකට ද නිවහන වෙනවා.

Biomedical research සම්බන්ධයෙන් ගත් කල, මෙල්බර්න් Boston සහ London වැනි ගෝලීය නායකයින් සමඟ කරට කර සිටිනවා. එය ලොව ප්‍රමුඛතම ජෛව වෛද්‍ය පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස පිළිගැනෙන Melbourne Biomedical Precinct සඳහා නිවහනයි.

මෙහි ඇති අනෙකුත් කර්මාන්ත අතරට ඇතුළත් වන්නේ:

  • Medical Technologies
  • Pharmaceuticals
  • Health And Aged Care
  • Agriculture And Food Processing
  • Clean Technology
  • Professional And Financial Services
  • Transport And Logistics
  • Advanced Manufacturing And Construction Technology

වික්ටෝරියාව තුළ මෙල්බර්න් සිට ඉතා අඩු කාලයකින් ළඟා විය හැකි ආකර්ෂණීය ස්ථාන රාශියක් පිහිට තිබෙනවා. මෙම සුන්දරත්වය, ලෝක මට්ටමේ වයින් කර්මාන්තශාලාවල සිට ස්වාභාවික උල්පත්, Bells Beach වැනි ප්‍රසිද්ධ surf beaches සහ ශීත ඍතුවේ දී ඔබට ski කළ හැකි කඳු දක්වා විහිදෙනවා.

Melbourne

EIU විසින් නිරන්තරයෙන්, Melbourne නගරය ලෝකයේ වඩාත්ම ජීවත්විය හැකි නගරවලින් එකක් ලෙස ශ්‍රේණිගත කර ඇති අතර එයට හේතුව ඔබට දැනටමත් පැහැදිලි ඇති. මෙම නගරය ස්ථාවරත්වය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය, පරිසරය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් ආදී අංශ වලින් ලොව ප්‍රමුඛයෙක්.

Victoria සහ Melbourne universities 10 කට, TAFEs 12කට, පාසල් 2,200+ කට සහ පුද්ගලික සැපයුම්කරුවන් 400+ කට හිමිකම් කියන අධ්‍යාපන තෝතැන්නක්.

මෙම සුන්දර Melbourne නගරය මිලියන 5කට වැඩි ජනගහනයකට නිවහන වෙනවා. Times Higher Education විසින් ලොව හොඳම විශ්වවිද්‍යාල 50 අතරට ශ්‍රේණිගත කරන ලද එකම ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයට හිමිකම් කියන්නේ ද Melbourne නගරයයි.

ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික අගනුවර ලෙස ලොව පුරා ප්‍රසිද්ධ මෙල්බර්න් නුවර, Australian Open, F1 Grand Prix සහ Melbourne International Film Festival වැනි විවිධ අවස්ථා වලින් වසර පුරාම කාර්යබහුල වෙනවා. 

ඉතින් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ආරම්භ කරන ඔබට Melbourne හොඳම නැවතුමක්.

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026