විදේශයන්හි නිකුත් කරන ලද මෝටර් රථ සහ යතුරුපැදි බලපත්‍ර ඕස්ට්‍රේලියානු බලපත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා, ඔස්ට්‍රේලියාව විසින් සංශෝධිත විධිවිධාන හඳුන්වා දී තිබෙනවා. මෙම යාවත්කාලීන කරන ලද විධිවිධාන ඇතැම් රටවල බලපත්‍ර සඳහා conversion process (පරිවර්තන ක්‍රියාවලිය) එක විධිමත් කරන අතර, සමහර අවස්ථාවල අමතර පරීක්ෂණ සඳහා අවශ්‍යතාවය වෙනස් කරනවා.
ඕස්ට්‍රේලියානු මාර්ගවල රිය පැදවීමට හැකි වන ලෙස වලංගු විදේශීය බලපත්‍රයක් ඇති සහ එම බලපත්‍රය සියලුම කොන්දේසි වලට අනුකූල වන, ඕස්ට්‍රේලියාවට පැමිණෙන අමුත්තන්ට මෙම වෙනස්කම් අදාළ වෙන්නේ නැහැ. සමහර states සහ territories මෑතකදී විදේශීය අමුත්තන් සඳහා ඔවුන්ගේ විධිවිධාන වෙනස් කර තිබෙනවා. එම නිසා නිවැරදිවම දේශීය අවශ්‍යතා පරීක්ෂා කිරීම සඳහා අදාළ බලපත්‍ර අධිකාරිය අමතන්න.
නව විධිවිධාන යටතේ, New South Wales, Tasmania, Western Australia සහ Queensland හැර අනෙකුත් සියලුම states සහ territories සඳහා Experienced Driver Recognition තත්ත්වය 2025 අප්‍රේල් 30 වන දින අවසන් වුණා.
New South Wales සහ Western Australia සඳහා අවසාන දිනය වන්නේ 2025 ඔක්තෝබර් 31. Queensland 2025 න් පසුව වෙනස්කම් ක්‍රියාත්මක කරනවා.
නව විධිවිධාන යටතේ, Experienced Driver Recognition එක ඇති රටක් හෝ අධිකරණ බල ප්‍රදේශයක් විසින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් තිබුණත්, ඔබට ඕස්ට්‍රේලියානු බලපත්‍රයක් නිකුත් කිරීමට පෙර වැඩිදුර පුහුණුවක් සහ පරීක්ෂණ සිදු කිරීමට සිදුවෙනවා.
බලපත්‍රය හුවමාරු කර ගැනීමේ අවසාන දිනය මග හැරුණොත් මොකද කරන්නේ?
ඔබ වයස අවුරුදු 25 හෝ ඊට වැඩි නම් සහ පළපුරුදු රියදුරු පිළිගැනීමක් ඇති රටක් හෝ අධිකරණ බල ප්‍රදේශයක් විසින් නිකුත් කරන ලද ඔබේ බලපත්‍රය හුවමාරු කර ගැනීමේ අවසාන දිනය මග හැරුණා නම්, ඔබට ඕස්ට්‍රේලියානු බලපත්‍රයක් නිකුත් කිරීමට පෙර වැඩිදුර පුහුණුව සහ පරීක්ෂණ සිදු කිරීමට සිදුවෙනවා.
කොහොම වුණත් මේ Experienced Driver Recognition රටවල් අතර ශ්‍රී ලංකාව නම් නැහැ.
Experienced Driver Recognition සහිත රටවල් සහ අධිකරණ බල ප්‍රදේශ (NSW, Tas, WA සහ QLD සඳහා පමණක් අදාළ)
- Bulgaria
- Czech Republic
- Estonia
- Hong Kong (Special Administrative Region of the People’s Republic of China)
- Hungary
- Latvia
- Lithuania
- Poland
- Republic of Cyprus
- Republic of Korea (South Korea)
- Republic of Serbia
- Romania
- Slovakia
- Slovenia
- South Africa
- Taiwan
Recognition Status සහිත රටවල් සහ අධිකරණ බල ප්‍රදේශ
- Austria
- Belgium
- Bosnia and Herzegovina
- Canada
- Croatia
- Denmark
- Finland
- France
- Germany
- Greece
- Guernsey
- Ireland
- Isle of Man (1991 අප්‍රේල් 1 වන දින හෝ ඊට පසුව නිකුත් කළ බලපත්‍ර සඳහා)
- Italy
- Japan
- Jersey
- Luxembourg
- Malta (2004 ජනවාරි 2 වන දින හෝ ඊට පසුව නිකුත් කළ බලපත්‍ර සඳහා)
- Netherlands
- New Zealand
- Norway
- Portugal
- Singapore
- Spain
- Sweden
- Switzerland
- UK
- USA