Phone එකක් overheat වෙන එක තරමක් සාමාන්‍ය දෙයක්. නමුත් overheat වෙලා ගිනි ගන්න phone එකක් ගැන මේ දවස්වල කතා වෙනවා. ඒකට ඔන්න අලුතෙන්ම විසදුමක් ලබා දීලා තිබෙනවා.
Overheat වෙන අවධානම අඩු කරන්න Google Pixel 6a සඳහා මේ විදිහට Urgent update එකක් ඇවිත් තිබෙනවා. Google phones range එකකට මේ විදිහට හදිසි update කිරීමක් ඇවිත් තිබෙන්නේ ඒවා අධික ලෙස රත් වෙලා ගිනි ගැනීමට පවා හේතු විය හැකි බැවින්.
Product Safety Australia (PSA) පවසන ආකාරයට Google Pixel 6a උපාංග සම්බන්ධ සිදුවීම් හේතුවෙන් බරපතල පිළිස්සුම් තුවාල පවා ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ අවදානම අවම කරන්න තමයි phones ගණනාවකටම අනිවාර්ය update එකක් ඇවිත් තියෙන්නේ. මේක නිසා Phones ආපසු return කිරීමට අවශ්‍ය නැහැ.
2022 ජුනි 16 සහ 2025 අප්‍රේල් 10 අතර කාලයේදී විකුණන ලද Chalk, Sage හෝ Charcoal වර්ණ Pixel 6a device හිමිකරුවන්ට තමයි මේ දෝෂය නිරීක්ෂණය කරන්න ලැබිල තිබෙන්නේ. PSA විසින් එය දැක්වුවේ “පරිශීලකයෙකුට ගින්නක් සහ/හෝ පිළිස්සුම් අවදානමක් ඇති කළ හැකිය” යනුවෙන්.
අවදානම් අවම කරන battery කළමනාකරණ විශේෂාංග ඇතුළත් firmware update එක ජූලි 8 වන දා නිකුත් කළා. සියලුම Pixel 6a devices මෙම ගැටළුවෙන් බලපෑමට ලක් වෙන්නේ නැහැ. බලපෑමට ලක් වූ devices, battery cycles 400කට ළඟා වූ පසු නව battery management system එක සක්‍රිය කරනවා.
එක battery cycle එකක් කියන්නේ mobile device එකක් 100% ක් දක්වා charge කරලා එම සම්පූර්ණ charge එක භාවිතා කිරීමට ගතවන කාලය.
ඔයාගේ phone එකත් මේ විදිහට බලපෑමට ලක් වුණා නම්, ඔයාත් Google වෙතින් වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලැබිය හැකි අතර, අලුත්වැඩියාවක්, මුදල් ගෙවීමක් හෝ වට්ටමක් ලබා ගත හැකිදැයි දැනගන්න online check කරන්න.
Telstra, Optus, JB Hi-Fi, Officeworks සහ Harvey Norman ඇතුළු රට පුරා ප්‍රධාන සිල්ලර වෙළෙන්දන් හරහා මෙම දුරකථන අලෙවි කර තිබෙනවා.