රුසියාවට ආ සුනාමිය සමග රටවල් රැසකටම අනතුරු ඇඟවීම්

  • Home
  • /
  • News
  • /
  • රුසියාවට ආ සුනාමිය සමග රටවල් රැසකටම අනතුරු ඇඟවීම්

රුසියාවේ නැගෙනහිර වෙරළට සමීප කලාපයක ඇතිවූ විශාල භූමිකම්පනයක් හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට අඩි 13ක් පමණ උසින් සුනාමි රළ පීඩා ගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් පරිමාණයේ ඒකක 8.8ක් ලෙස සටහන් වූ මෙම භූකම්පනය, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි නගරයෙන් සැතපුම් 85ක් (කි.මී. 137ක්) පමණ දුරින්, පොළොව යට කිලෝමීටර් 19ක් ගැඹුරක සිදුවී ඇතැයි ඇමරිකානු භූගෝල විද්‍යා ආයතනය (USGS) පවසයි.

මෙම භූමිකම්පනයට පසු, ජපානයේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එරට කාලගුණ විද්‍යා අංශය අනතුරු අඟවන්නේ වඩාත් උපරිමයෙන් මීටර් 1ක සුනාමි රළ ඇතිවිය හැකි බවයි.

එසේම, හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් කලාපයටද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Image Credit goes to by – https://keprtv.com/

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025