ජීවත් වෙන ප්‍රදේශයට අනුව වෙනස් වෙන Recruitment Methods

  • Home
  • /
  • Blog
  • /
  • ජීවත් වෙන ප්‍රදේශයට අනුව වෙනස් වෙන Recruitment Methods

රැකියාවක් සොයා ගැනීම සඳහා ඔයාට උදව් වෙන දේවල් කිහිපයක් ගැන අපි කලින් article එකකින් කතා කළා. එකේදී jobs advertise කරන්නේ කොහේද කියන එක සහ job එකක් හොයාගන්න social media හරියටම පාවිච්චි කරන්න ඕන විදිහ ගැනත් කිව්වා. 

Employers ලව හමුවීම සහ කතා කිරීම ඔයා පිළිබඳ හොඳ හැඟීමක් ඇති කිරීමට අවස්ථාවක් වෙනවා. නිකන්ම resume එක දමන කෙනෙකුට වඩා පෞද්ගලිකව උද්යෝගය පෙන්වීමෙන්, රැකියාවක් සඳහා ඔබට වඩා හොඳ අවස්ථාවක් ලැබෙනවා. 

ඒ වගේම රැකියාවන් ගැන මිතුරන්ගෙන්, පවුලේ අයගෙන් සහ හිටපු co-workers ලාගෙන් අහන්නත් පුළුවන්. මොකද සියලුම employers ලාගෙන් හතරෙන් එකකට වඩා 2024 දී ඔවුන්ගේ තනතුරු ප්‍රවර්ධනය කිරීම සඳහා word of mouth එහෙමත් නැත්නම් කටින් කට යැවීම භාවිත කළා. 

ඔයාගේ public social media profile එකක් employer කෙනෙක්ට ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට තබාගන්න. මොකද සේවායෝජකයින් බොහෝ විට සේවකයින්ගේ සුදුසුකම් සමාලෝචනය කිරීමට profiles එක බලනවා.

දැන් බලමු Employers ලා වැඩිපුරම භාවිත කරන recruitment methods මොනවද කියලා.

Employer හෝ vacancy එක පිහිටා ඇති ස්ථානය අනුව බඳවා ගැනීමේ ක්‍රමය සැලකිය යුතු ලෙස වෙනස් වෙන්න පුළුවන්. කලාපීය ප්‍රදේශවලට වඩා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල Internet job boards වඩාත් ජනප්‍රියයි.

ප්‍රධාන නගරවල, recruiting employers ලාගෙන් 64% ක් Internet job boards භාවිතා කර තිබෙනවා. Regional areas වල ද මෙම ක්‍රමය recruiting employers ලාගෙන් අඩකට වඩා (55%) වැඩි පිරිසක් භාවිත කර තිබෙනවා.

කෙසේ වෙතත්, regional areas වල employers ලා නගරවලට වඩා සමාජ මාධ්‍ය සහ කටින් කට ප්‍රචාරය කිරීමට නැඹුරු වෙනවා.

ප්‍රාදේශීය ප්‍රදේශවල, සේවා යෝජකයින්ගෙන් 31% ක් රැකියා ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍ය භාවිතා කර ඇති අතර 33% ක් කට වචනය භාවිතා කර තිබෙනවා. ප්‍රධාන නගරවල, 16% ක් සමාජ මාධ්‍ය භාවිතා කර ඇති අතර 25% ක් කට වචනය භාවිතා කර තිබෙනවා.

අනෙකුත් ක්‍රම ලෙස Recruitment agency, රජයේ රැකියා සේවා, Labour hire යන ක්‍රම ප්‍රධාන නගර වල 15% ක්ද, අනෙකුත් ප්‍රදේශ වල 11% ක්ද භාවිත කර තිබෙනවා. 

රැකියා සොයන්නන් විසින් employers ලව කෙලින්ම සම්බන්ධ කර ගැනීමෙන් ප්‍රධාන නගර වල 10% ක්ද, අනෙකුත් ප්‍රදේශ වල 14% ක්ද රැකියා අවස්ථා ලබාගෙන තිබෙනවා. 

දැන්වීම් සහ ප්‍රචාරණ තුලින් මෙන්ම ආයතනයේ web එක එක හරහා රැකියා ලබා ගැනීමෙන් ප්‍රධාන නගර  8% ක් ලෙස ඉහලින් සිටින අතර අනෙකුත් ප්‍රදේශ 7% ලෙස පෙන්වනවා. 

පුවත්පත් හරහා රැකියා සොයා ගැනීමේදී අනෙකුත් ප්‍රදේශ 6%ක් ලෙස ඉදිරියෙන් සිටින අතර නාගරික ප්‍රදේශ එම සංඛ්‍යාව 1% ක් ලෙස දක්වනවා.

Don't forget to share this post!

Recent Posts

574
November 9, 2025