ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි ඉගෙන ගමු

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි ඉගෙන ගමු

ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි ඉගෙන ගැනීම පන්ති කාමරයක වචන කටපාඩම් කිරීමට වඩා හාත්පසින්ම වෙනස්. ඕස්ට්‍රේලියානු ඉගැන්වීමේ ක්‍රම මඟින් ඔබට ජීවිතය සඳහා අවශ්‍ය කුසලතා ලබා ගන්නත් පුළුවන්. 

විවිධ රටවල සහ සංස්කෘතීන්හි සිසුන් සමඟ අධ්‍යයනය කරමින්, සැබවින්ම ජාත්‍යන්තර පසුබිමක සිට, ලෝකයේ වඩාත්ම පුළුල් ලෙස කතා කරන භාෂාවක් ඉගෙන ගැනීමට ඔබටත් මේ විදිහට අවස්ථාව තිබෙනවා. මෙය විවිධ පසුබිම්වල පුද්ගලයින් සමඟ වැඩ කිරීමට සහ විවිධ සංස්කෘතික අදහස් තේරුම් ගැනීමට වටිනා අත්දැකීම් ප්‍රමාණයක්ද එක් කරනවා.

ඔයා උසස් අධ්‍යාපනය සඳහා අලුතෙන්ම මෙහෙ ආපු කෙනෙක්නම් ELICOS (English Language Intensive Courses for Overseas Students) වගේ අ සඳහාම සුවිශේෂී වූ පාඨමාලාත් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි ඉගෙනීමේදී, ඔයාගේ පාඨමාලාව ශිෂ්‍ය වීසා බලපත්‍රයක අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති බවට ඔබට සහතික කරගන්න පුළුවන්. එය ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් ද අනුමත කරනු ලැබෙනවා.

ඕස්ට්‍රේලියාව විවිධ ශිෂ්‍ය අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඉංග්‍රීසි භාෂා පාඨමාලා රාශියක් ලබා දෙනවා. එලෙස ලබා ගත හැකි ඉංග්‍රීසි පාඨමාලා වර්ග අතර;

  • General English
  • English for Academic Purposes (EAP)
  • English for Specific Purposes (ESP)
  • Exam preparation
  • Teaching English 
  • Study tours

මේ එක් එක් course එකේ අරමුණ සහ ඒ පිළිබඳ වැඩිදුර විස්තර අපි වෙනත් article එකකින් කතා කරමු.

Don't forget to share this post!

Recent Posts

569
November 8, 2025